කථිකාචාර්යවරයකුට එරෙහි නඩුවේ අවසන් වාර්තාව ගැන නියෝගයක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ (LNW):

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පුන්සර අමරසිංහ යන අයට එරෙහි නඩුවේ අවසන් වාර්තාව ලබන දෙසැම්බර් 14 වනදා ගොණු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව සඳහන් වේ.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පුන්සර අමරසිංහ යන අයට චෝදනා එල්ල වී ඇත.

චෝදනාවල දැක්වෙන්නේ, ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් 04 දෙනෙකු ත්‍රස්තවාදීන් බවට පාස්කු ප්‍රහාර වාර්තාවේ ඇතැයි ප්‍රකාශ සිදු කර ඇති බවයි. මහජනයා බියගන්වන සුලු ආකාරයේ ප්‍රකාශ සිදු කළ බවට සැකකාර කථිකාචාර්යවරයාට චෝදනා එල්ල වී තිබෙන අතර, විරෝධතා දැක්වීමේ හැගීම් අවුස්සමින් හෝ ඇවිස්සීමට තැත් කිරීම ද ඔහුට එරෙහි චෝදනා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...