රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ (LNW):
මෙරට නව විදේශ අමාත්‍යවරයා ලෙස පත්වූ විජිත හේරත් මහතාට, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් සුබ පැතුම් එක්කර ඇත.
ඉන්දු – ලංකා ශිෂ්ටාචාර සබඳතා ශක්තිමත් කිරීමට සහ දෙරට අතර සාම්ප්‍රදායිකව සමීප මිත්‍රත්වය ශක්තිමත් කිරීමට ද ජෙයිශංකර් සිය කැපවීම ප්‍රකාශ කර තිබෙන බව සඳහන් වේ.
සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ.