තලාවේ මාරක අනතුරක්. තිදෙනෙකුට දිවි අහිමි වෙයි!

0
130

කොළඹ LNW: කුරුණෑගල-අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තලාව – මීරිගම හංදිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි.

එලෙස මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් තිදෙනෙකු බව සඳහන්,

එම අනතුර අද (25) අළුයම සිදුව ඇති අතර ලොරි රථය අනුරාධපුර සිට කුරුණෑගල බලා ධාවනය වී ඇති අතර වෑන් රථය අනුරාධපුර සිට කුරුණෑගල දක්වා ධාවනය වී තිබේ.

පොලීසිය පවසන පරිදි වෑන් රථයේ සිටි රියදුරු ඇතුළව 6 දෙනෙකු තුවාල ලබා ඇති අතර ලොරි රථයේ රියදුරුද ඇතුළුව 7 දෙනෙකු තලාව සහ අනුරාධපුර රෝහල් වෙත ඇතුලත් කර ඇත.