වසර 50කට පසු නාසා යළි සඳ තරණයට සූදානම් වෙයි!

Date:

කොළඹ LNW: වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනකට නාසා ආයතනය ගගනගාමීන් යැවීමට සැලසුම් කර තිබේ.

නාසා වාර්තා පෙන්වා දෙන පරිදි එළඹෙන පෙබරවාරි මස මුල් දින කිහිපය තුළ එය සිදුවනු ඇති අතර මෙවර ගගනගාමීන් සිව් දෙනෙකු ඊට එක්වන බව සඳහන්.

පළමු සඳ ගමන සිදුව වසර 50කට පසු නැවත සිදුවන මෙම සඳ ගමන මඟින් මානව අභ්‍යවකාශ ගවේෂණයේ තවත් වැදගත් සංධිස්ථානයක් පසුකරනු ඇතැයි නාසා ආයතනය විශ්වාසය පළකරයි.

ආටෙමිස් ටූ නමින් හැදින්වෙන මෙම මෙහෙයුමේ දී සැලසුම් කර ඇති පරිදි ගමන් කරනු ලබන ගගනගාමීන් සිව්දෙනා දින දහයක පසු නැවත පෘථිවියට පැමිණීමට නියමිත අතර මෙම ගමනේ අරමුණ ලෙස දක්වා ඇත්තේ සඳ මත ගොඩබෑම සඳහා රොකට්ටුව සහ අභ්‍යවකාශ යානා පද්ධති පරීක්ෂා කිරීමයි.

ඒ අනුව මෙම ගමනේ සාර්ථකත්වය මත නාසා ආයතනය සඳ මතට ගොඩබෑම සඳහා ආටෙමිස් ත්‍රී දියත් කිරීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...

මෙණ්ඩිස් අති විශේෂ කිරීමට කුසල්ට සහ කමිඳුට හැකි වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෑත කාලය ශ්‍රී ලංකා...

ගල්ගමුව සමූපකාර ඡන්දයේ ජයග්‍රහණයත් ඒකාබද්ධ විපක්ෂයට

ගල්ගමුව විවිධ සේවා සමූපකාර සමිතියේ මහ සභා නියෝජිතයින් තෝරා...