අත්හිටුවා තිබූ ඒරොෆ්ලොට් ගුවන් ගමන් යළි ක්‍රියාත්මකයි

Date:

රුසියානු රජයට අයත් ගුවන් සමාගමක් වන ඒරොෆ්ලොට් සමාගම යළිත් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සබඳතා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඔක්තෝබර් 09 වැනිදා සිට එම සමාගමට අයත් ගුවන් යානා මෙරටට පැමිණෙනු ඇත.

ඒ අනුව ඔක්තෝබර් 09 වැනිදා සිට කොළඹ – මොස්කව් අතර සතියකට ගුවන් ගමන් වාර දෙකක් ක්‍රියාත්මක වේ.

මේ අතර ඔක්තෝබර් 30 වැනිදා සිට කොළඹ – බැංකොක් අතර සතියකට ගුවන් ගමන් වාර 07 ක් සහ කොළඹ – ගෝවා අතර සතියකට ගුවන් ගමන් වාර තුනක් ක්‍රියාත්මක වේ.

කොළඹ – බැංකොක් අතර ගුවන් ගමන් සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා. ගෝවා ගුවන් ගමන් සඳහා ප්‍රවේශ පත්‍ර අලෙවිය ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කරනු ඇතැයි වාර්තා වන්නේ.

ඒරොෆ්ලොට් සමාගම සතු ගුවන් යානයක් අධිකරණ නියෝගයක් මත මෙරට රඳවා ගැනීමට තීරණය කිරීමත් සමග එම සමාගම සහ රජය අතර ගැටලුවක් උද්ගත වූ අතර ශ්‍රී ලංකාව සමග සියලු ගුවන් ගමන් සබඳතා අත්හිටුවීමට එම සමාගම තීරණය කර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...

වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක්!

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි...