මගෙ සල්ලි කෝ? ටේබල් ටෙනිස් සූරිය අසන්නීය

Date:

ඉන්දියාව වර්ථමානයේ සිය අලුත් මේස පන්දු රැජිණ ලෙස හඳුන්වා දෙන ශ්‍රීජා අකුලා තමන්ට ජාතික සූරතාවයේ කේවල සහ යුගල ජයග්‍රහණ වෙනුවෙන් ලැබිය යුතු මුදල තවමත් ලබා දී නැති බව ප්‍රකාශ කරයි.

2022 අප්‍රේල් මාසයේ ජාතික සූරතාවලිය වෙනුවෙන් ලැබිය යුතු එම ත්‍යාග මුදල සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන ශ්‍රීජා “ඒක සුළු මුදලක් නෙමෙයි,ඉන්දියානු රුපියල් ලක්ෂ දෙකකට වැඩියි. අපි දිගටම ඊමේල් යවනවා,පිළිතුරක් නැහැ” යනුවෙන් ද ඉන්දියන් එක්සප්‍රස් පුවත්පතට පවසා සිටියාය.

බර්මින්ග්හැම් හී පැවති ගෙවුණු පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රීඩා තරගාවලියේදී මේස පන්දු ඉසව්වෙන් ඉන්දියාවට මිශ්‍ර යුගල තරගයේදී රන් පදක්කම දිනා දෙන්නට සරත් කමල් සමඟ එක් වී ශ්‍රීජාට හැකි විය.

මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරිම් හී 77 වන තැන රැඳෙන ශ්‍රීජා පවසන්නේ ජාතික සූරතාවලිය වෙනුවෙන් ලැබිය යුතු ත්‍යාග මුදල් ලැබි නැත්තේ තමන්ට පමණක් බවයි.

ඇයගේ කේවල සූරතාවයට හිමි විය යුතු මුදල මෙන්ම යුගල සූරතාවයට හිමි විය යුතු මුදලද නොලැබුණු බව පවසන ශ්‍රීජා අකුලා පෙන්වා දෙන්නේ යුගල ජයග්‍රහණයේදී තමන්ගේ සහය ක්‍රීඩිකාව වූ අයිකා මුඛර්ජිට ද එම ත්‍යා මුදල ලැබ ඇති බව පෙන්වා දුන්නාය.

නමුත් ශ්‍රීජාගේ විද්‍යුත් ලිපි වෙත මේ වන තෙක්ම එම මුදල ලැබෙන බවට එය ලරබෙන දිනයක් සම්බන්ධයෙන් වගකිව යුතු පිළිතුරක් බලධාරීන්ගෙන් ලැබී නැත. ඡායාරූපයේ දැක්වෙන්නේ ශ්‍රීජා, සරත් කමල් සමඟ පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම දිනා ගත් අවස්ථාවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15) දින...

51 වන G7 සමුළුව අදින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 51 වන G7...

කොළඹ නගරාධිපති සටන : රීසා සාරුක්ට අත්සන් 62ක් !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයෙන් තරග...

ජනපති අනුර යළි දිවයිනට

ජර්මනියේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර...