නැනෝ පොහොර ආනයනය පිළිබඳ විගණන වාර්තාව කෘෂිකර්ම අමාත්‍යංශයට

Date:

රසායනික පොහොර තහනම් කිරීමත් සමග ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමට එවක රජය කටයුතු කළ අතර ඒ සම්බන්ධයෙන් චෝදනා ගණනාවක් එල්ල විය.

එම පොහොර වාණිජ්‍ය වගාව සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ගොවීන් පෙන්වා දුන් අතර පොහොර ආනයනයේදී දැවැන්ත මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුව ඇති බවට විපක්ෂය ඇතුළු පාර්ශ්ව ගණනාවකින් චෝදනා එල්ල විය.

මෙම චෝදනා හේතුවෙන් අදාල ගනුදෙනුව පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහා විශේෂ විමර්ශනයක් සිදුකළ අතර ඊට අදාල වාර්තාව මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යංශය වෙත යොමුකර තිබෙනවා. කරුණු විමසීම සඳහා අමාත්‍යංශය වෙත වාර්තාව යොමුකළ බව විගණකාධිපති ඩබ්.පී.සී. වික්‍රමරත්න මහතා පවසනවා.

ඉන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාල විගණන වාර්තාව පාර්ලිමේන්තුව වෙත යොමු කරන බවද විගණකාධිපතිවරයා පවසයි.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඉන්දීය ගොවි සමුපකාර සමාගමෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහාර ආනයනය කළ අතර සමස්ත තොගය ලීටර් ලක්ෂ 21 කට ආසන්න වේ.

මෙම දියර පොහොර මිලිලීටර් 500 ක බෝතලයක් අදාල සමාගම අන්තර්ජාලය හරහා අලෙවි කරන්නේ ඩොලර් 3.23 ක මුදලකටයි. කෙසේ නමුත් එය මෙරටට ආනයනය කිරීමේදී එම මුදල මෙන් හතර ගුණයකට ආසන්න මුදලක් හෙවත් ඩොලර් 12.45 ක් වැයකර තිබිණි.

එවකට පැවති විනිමය අනුපාතවලට අනුව මිලිලීටර් 500 බෝතලයක් සඳහා රුපියල් 1867 ක් වැඩිපුර ගෙවා තිබිණි.

අදාල සම්පූර්ණ පොහොර තොගයම මිලදී ගත්තේ ඩොලර් 12.45 ක මුදලකට නම් වංචා කර ඇති මුදල රුපියල් මිලියන 7841 ක් වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...