පීඩාවට පත් ලාංකිකයන් සඳහා එක්සත් රාජධානියෙන් පවුම් මිලියන 03 ක් වටිනා ජීවිතාරක්ෂක ආධාර!

Date:

ආර්ථික අර්බුදයෙන් පීඩා විදින ලාංකිකයන්ට එක්සත් රාජධානිය හදිසි ආහාර සහ ගොවිතැන් සහාය ලබා දෙන බව තාරික් අහමඩ් සාමිවරයා අද (සැප්තැම්බර් 23 සිකුරාදා) නිවේදනය කළේය.

මෙරට ජනතාවගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් ආහාර වෙනුවෙන් පොරබදමින් සිටින අතර ඉන්ධන, විදුලිය සහ ඖෂධ හිඟයෙන් ද පීඩා විඳිති.

ලෝකයේ විශාලතම ආහාර මිල උද්ධමනය ඇති රටවල් අතරින් ලංකාව පස්වන තැන හොබවන අතර එය අගෝස්තු මාසයේදී 93.7 % කින් ඉහළ ගොස් ඇති අතර සහල් පසුගිය වසරේ මෙම කාලයට වඩා 150% කින් වැඩි වී ඇත.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා සමඟ පැවති හමුවකදී අහමඩ් සාමිවරයා එක්සත් රාජධානියේ පවුම් මිලියන 3ක ජීවිතාරක්ෂක ආධාර පැකේජය ශ්‍රී ලංකාවට ලබා දෙන බවට ප්‍රකාශයට පත් කර තිබේ.

රතු කුරුස සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ හවුල්කරුවන් හරහා ලබා දෙන මෙම අරමුදලින් භෝග වගාවට මෙන්ම, සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ ලිංගික ප්‍රචණ්ඩත්වයෙන් දිවි ගලවා ගත් පිරිස ඇතුළු මිනිසුන්ගේ මානසික සෞඛ්‍ය රැකවරණය සඳහා ද සහය ලබා දෙනු ඇත.

මෙවන් අභියෝගාත්මක කාලයක ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් එක්සත් රාජධානිය පෙනී සිටින බව අහමඩ් සාමිවරයා පැවසීය.

ඔහු තවදුරටත් කියාසිටියේ වඩාත් අවදානමට ලක්වූවන් සඳහා පවුම් මිලියන 3 ක ජීවිතාරක්ෂක ආධාර සපයන අතර ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ දිගටම කටයුතු කරන බවයි.

එක්සත් රාජධානිය දැනටමත් එක්සත් ජාතීන්ගේ මධ්‍යම හදිසි ප්‍රතිචාර අරමුදල (CERF), ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව හරහා ආධාර සැපයීම සිදුකරන බවත් ලංකාවේ ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීම සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක් යටතේ සිදුකරන බවත් තවදුරටත් අවධාරණය විය.

මෙම නව පැකේජය විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් රාජධානියේ පවුම් මිලියන 11.3 ගැටුම්, ස්ථාවරත්වය සහ ආරක්‍ෂක අරමුදල (CSSF) වැඩසටහනට (2022 සිට 2025 දක්වා) අමතරව ලබාදීම සිදුකරයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවති රැස්වීමේදී තාරික් අහමඩ් සාමිවරයා ශ්‍රී ලංකාවට පවුම් මිලියන 3 ක ආධාර පැකේජයක් ඉදිරිපත් කළ බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය අලි සබ්‍රි මහතා සඳහන් කළේය.

ආධාර සඳහා කෘතඥතාව පළ කරන අතරම, අමාත්‍ය අලි සබ්‍රි විසින් ශ්‍රී ලංකාව නැවත නගාලීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව තාරික් අහමඩ් සාමිවරයා දැනුවත් කළේය.

ඕවින්දි විශ්මිකා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ වෙන්ඩ කොළඹ නගරාධිපතිනිය අගමැති හරිනි සහ ඇමති වටගල හමුවේ දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව...

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි !

2004 වසරේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක රුධිර...

“සීනි බදු වංචාව” : කිසිදු අපරාධමය වරදක් නෑ. නඩුව අවසන් !

2020 වසරේ ඔක්තෝබර් මාසයේදී සීනි සඳහා පනවා තිබූ රුපියල්...

අද (14) දවසේ මි.මී. 100 තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 14) දිනයේදී බස්නාහිර, සබරගමුව,...