කෝටි 30ක මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට !

සටහන – රුවන් නෙළුගොල්ල

රුපියල් කෝටි 30කට අධික වටිනාකමින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (24) සමත්වී තිබේ.

ඒ, එම කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී ය.

එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 11ක් සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6ක් පොලිස් භාරයට ගෙන ඇත.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පස්වරු 1.00න් පසු ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : දිවයින පුරා පස්වරු...

ශිරන්තිට විශේෂ ආරක්ෂාවක්:පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමටත් අවසර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර යළි සේවයේ පිහිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : අධිකරණ සේවා කොමිෂන්...