ඊශ්‍රායල් අගමැති එක්සත් ජාතින්ගේ සමුළුව අමතනවිට නියෝජිතයන් සභාවෙන් පිටව යයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 :
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතන විටදී රටවල් රැසක නියෝජිතයන් පිරිසක් ඊට විරෝධය පළ කරමින් සභා ශාලාවෙන් පිටව ගොස් තිබේ.

සැප්තැම්බර් 24 වැනිදා නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිවාරයේදී නෙතන්යාහු සිය දේශනය සිදු කළ අතර, ඔහු ඊශ්‍රායලයේ ගාසා සහ කලාපීය හමුදා මෙහෙයුම් මෙන්ම ඉරානය සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගද සාධාරණීකරණය කිරීමට උත්සාහ කළේය.

නෙතන්යාහු කතා කිරීමට පෙර සහ ඔහු වේදිකාවට පැමිණෙන අවස්ථාවේදී දුසිම් ගණනක නියෝජිතයන් සභා ශාලාවෙන් පිටව ගිය බව රොයිටර් වාර්තා කර ඇති අතර පසුව නෙතන්යාහු එම ක්‍රියාව විවේචනය කරමින් ඔවුන්ට දැඩි ප්‍රතිචාරයක්ද දැක්වීය.

ඔහුගේ දේශනයේදී ඉරානයේ න්‍යෂ්ටික පහසුකම්වලට එරෙහි ක්‍රියාමාර්ග, හමාස් සංවිධානයේ 2023 ඔක්තෝබර් 7 ප්‍රහාරය සහ ගාසා යුද්ධය සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ස්ථාවරය ඉදිරිපත් කර තිබූ අතර ඊශ්‍රායලයට එරෙහි “ජන සංහාර” චෝදනාද ඔහු ප්‍රතික්ෂේප කරන ලදි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : කළුතර, නාගොඩ ප්‍රදේශයේදී...

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...