ඊශ්‍රායල් අගමැති එක්සත් ජාතින්ගේ සමුළුව අමතනවිට නියෝජිතයන් සභාවෙන් පිටව යයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 :
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතන විටදී රටවල් රැසක නියෝජිතයන් පිරිසක් ඊට විරෝධය පළ කරමින් සභා ශාලාවෙන් පිටව ගොස් තිබේ.

සැප්තැම්බර් 24 වැනිදා නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිවාරයේදී නෙතන්යාහු සිය දේශනය සිදු කළ අතර, ඔහු ඊශ්‍රායලයේ ගාසා සහ කලාපීය හමුදා මෙහෙයුම් මෙන්ම ඉරානය සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගද සාධාරණීකරණය කිරීමට උත්සාහ කළේය.

නෙතන්යාහු කතා කිරීමට පෙර සහ ඔහු වේදිකාවට පැමිණෙන අවස්ථාවේදී දුසිම් ගණනක නියෝජිතයන් සභා ශාලාවෙන් පිටව ගිය බව රොයිටර් වාර්තා කර ඇති අතර පසුව නෙතන්යාහු එම ක්‍රියාව විවේචනය කරමින් ඔවුන්ට දැඩි ප්‍රතිචාරයක්ද දැක්වීය.

ඔහුගේ දේශනයේදී ඉරානයේ න්‍යෂ්ටික පහසුකම්වලට එරෙහි ක්‍රියාමාර්ග, හමාස් සංවිධානයේ 2023 ඔක්තෝබර් 7 ප්‍රහාරය සහ ගාසා යුද්ධය සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ස්ථාවරය ඉදිරිපත් කර තිබූ අතර ඊශ්‍රායලයට එරෙහි “ජන සංහාර” චෝදනාද ඔහු ප්‍රතික්ෂේප කරන ලදි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඉරාන ගුවන් සමාගම් සදහා සිය ගුවන් අවකාශය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකාව විසින්...

උද්ධමනය සහ පොලී අනුපාතික : ඉදිරියේදී වෙන්නේ මොනවාද ?

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2026 අගෝස්තු මාසයේ උද්ධමනය...

වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන...

කෝටි 30ක මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් කෝටි 30කට අධික වටිනාකමින් යුත්...