ගොවීන් 1,490කට නියඟයෙන් වූ හානි සඳහා වන්දි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW :

නියඟය හේතුවෙන් සිදුවූ බෝග හානිවලට ලක්වූ ගොවීන් 1,490 දෙනෙකුට වන්දි මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

මෙම ගොවීන්ට අයත් අක්කර 1,115ක භූමි ප්‍රමාණයක බෝග හානි සිදුවී ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

මේ දක්වා වන්දි වශයෙන් රුපියල් මිලියන 57ක් ගෙවා ඇත.

මෙම වසර තුළ තවත් රුපියල් මිලියන 1,800ක පමණ අතිරේක වන්දි මුදලක් ගෙවීමට නියමිතව ඇති අතර, වන්දි ලබා දීම සඳහා බෝග හානි කඩිනමින් හා නිවැරදිව තක්සේරු කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව ද මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

නියඟ තත්ත්වයන් හේතුවෙන් බෝග හානියට ලක්වූ ගොවීන් 6,062 දෙනෙකු ඒ සඳහා අයදුම්පත් ඉදිරිපත් කර තිබූ බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.

තවද, ගොවීන්ට අයත් වගා බිම් අක්කර 7,957ක් පමණ මෙයින් බලපෑමට ලක්ව ඇති බව ද මණ්ඩලය ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දුනීසියානු ධීවරයින් 25 දෙනෙකු බේරා ගනී

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාවට දකුණින්...

චීන-ඇමරිකා ජනපතිවරුන් අතර පැවති ඓතිහාසික සාකච්ඡාව!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති...