2027ට පෙළපොත් බෙදා හැරීම දෙසැම්බර් 31 වන විට අවසන්: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW :

ලබන 2027 වසර සඳහා පාසල් පෙළපොත් බෙදා හැරීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි.

සියලුම පාසල් වෙත පෙළපොත් බෙදා හැරීම දෙසැම්බර් 31 වන විට අවසන් කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පසුගිය වසරේ ගැටලු මතු වූ 6 ශ්‍රේණියේ නව ඉංග්‍රීසි විෂය මොඩියුලය (module) මේ වන විට අවසන් කර මුද්‍රණය කර ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මීට අමතරව, 2 ශ්‍රේණිය සඳහා වන නව මොඩියුලය මුද්‍රණය කිරීම සහ බෙදා හැරීම ද ආරම්භ කර ඇත.

මෙම වැඩසටහන යටතේ, ඉදිරි වසර සඳහා 6 ශ්‍රේණියේ මොඩියුල බෙදා හැරීම ද සිදු කෙරෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (09) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 09) දිනයේදී දිවයිනේ බොහෝ...

ජංගම ගිණුම – අගෝස්තු 2026

මාස හතරකට පසුව, 2026 අගෝස්තු මාසයේදී විදේශ අංශයේ ජංගම...

Quantum AI Limited එක්ක ගනුදෙනු එපා – සුරැකුම්පත් කොමිසම අනතුරු හඟවයි

Quantum AI Limited නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත්...

විමල්ගේ අයථා වත්කම් නඩුව : සාක්ෂිකරුවන් තිදෙනෙකුට සිතාසි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ සිට 2014 වසර දක්වා...