රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW :
ලබන 2027 වසර සඳහා පාසල් පෙළපොත් බෙදා හැරීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි.
සියලුම පාසල් වෙත පෙළපොත් බෙදා හැරීම දෙසැම්බර් 31 වන විට අවසන් කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
පසුගිය වසරේ ගැටලු මතු වූ 6 ශ්‍රේණියේ නව ඉංග්‍රීසි විෂය මොඩියුලය (module) මේ වන විට අවසන් කර මුද්‍රණය කර ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මීට අමතරව, 2 ශ්‍රේණිය සඳහා වන නව මොඩියුලය මුද්‍රණය කිරීම සහ බෙදා හැරීම ද ආරම්භ කර ඇත.
මෙම වැඩසටහන යටතේ, ඉදිරි වසර සඳහා 6 ශ්‍රේණියේ මොඩියුල බෙදා හැරීම ද සිදු කෙරෙනු ඇත.


