දූෂණ චෝදනාවක්: හිටපු බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW :

බුද්ධශාසන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ පොත් මුද්‍රණය කිරීමේදී නිසි ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය නොකර සිය හිතවත් ආයතනයකට අනිසි වාසි ලබා දීමයි.

රුපියල් මිලියන 4.7කට අධික වටිනාකමකින් යුත් මෙම ගනුදෙනුවේදී, අදාළ පොත් තොගය රජයේ ගබඩාව වෙත නොලැබී තිබියදීත් මුදල් ගෙවීම් සිදු කිරීමෙන් රජයට පාඩුවක් සිදු කර ඇත.

මෙම දූෂිත ක්‍රියාව හරහා රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නෛතික පියවර ගැනීමට නියමිතය.

ඒ අනුව, අත්අඩංගුවට ගත් මෙම හිටපු නිලධාරියා වැඩිදුර විමර්ශන සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : කළුතර, නාගොඩ ප්‍රදේශයේදී...

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...