රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW :
බුද්ධශාසන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ පොත් මුද්‍රණය කිරීමේදී නිසි ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය නොකර සිය හිතවත් ආයතනයකට අනිසි වාසි ලබා දීමයි.
රුපියල් මිලියන 4.7කට අධික වටිනාකමකින් යුත් මෙම ගනුදෙනුවේදී, අදාළ පොත් තොගය රජයේ ගබඩාව වෙත නොලැබී තිබියදීත් මුදල් ගෙවීම් සිදු කිරීමෙන් රජයට පාඩුවක් සිදු කර ඇත.
මෙම දූෂිත ක්‍රියාව හරහා රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නෛතික පියවර ගැනීමට නියමිතය.
ඒ අනුව, අත්අඩංගුවට ගත් මෙම හිටපු නිලධාරියා වැඩිදුර විමර්ශන සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.


