*
Thursday, October 10, 2024
spot_img

Latest Posts

බහරේනයේ දී 15 න් පහළ බාලිකා කිරුළ ඉසුරිට සහ සිතුමිට.

බහරේනයේ පැවත්වෙන ජාත්‍යන්තර කණිෂ්ඨ බැඩිමින්ටන් තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා අවුරුදු 15 න් පහළ බාලිකා යුගල සූරතාවය දිනා ගන්නට සමත් වුණා.ඔවුන් අතින් අවසාන තරගයේදී පරාජයට පත් වුණේ බහරේනය නියෝජනය කළ ක්‍රිස්ටබල් ඇනෝ සහ ලිනට් මේරියම්. අවසාන තරගයේදී ඉසුරි සහ සිතුමි විසින් ක්‍රිස්ටබල් සහ ලිනට් ට එරෙහිව ලකුණු 21 – 02 සහ 21 – 12 ක් ලෙස සූරතාවය සඳහා අවශ්‍යය ජයග්‍රහණය පහසුවෙන් ලබා ගන්නට සමත් වුණා.

ඉසුරි මිශ්‍ර යුගල අනු සූරතාවයට ද හිමිකම් කීවා.ඒ බිහඳු ගනේගේ සමඟයි.බිහඳු සහ ඉසුරි පරාජයට පත් වුණේ සවුදි අරාබියේ අමේර් මොහොමඩ් සහ අල්බාතුල් අල්මුතයිරි වෙතින්.වට 2 – 1 පරාජයක් වූ එම තරගයේදී බිහඳු සහ ඉසුරි තරගයේ දෙවන වටය 21 – 17 ක් ලෙස ජය ගත්තා.එහෙත් පළමු වටය ලකුණු 21 – 13 ක් ලෙස තෙවන වටය 21 – 15 ක් ලෙස පරාජයට පත්වීම නිසා ඉසුරිට සහ බිහඳුට ජයග්‍රහණය අහිමි වුණා.

ඉසුරි අවුරුදු 15 න් පහළ බාලිකා කේවල තරගයේ අවසාන පූර්ව වටය දක්වා ද පැමිණෙන්නට සමත් වුණා.ඇය එහිදී ඉන්දීය ක්‍රීඩිකා රියා කුරියන් අතින් පරාජයට පත් වුණේ ලකුණු 22 – 20 ක් සහ 21 – 13 ක් ලෙසයි.ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා යුගල සූරතාවය සඳහා ඉසුරිට දායකත්වය දුන් සිතුමි ද සිල්වා මිශ්‍ර යුගල තරගයේදී වේදක ගෝමස් සමඟ අවසාන පූර්ව වටය දක්වා පැමිණීමත් කැපී පෙණුනා.ඔවුන් දෙදෙනා පරාජයට පත් වුණේ එහි සූරතාවය දිනූ සවුදි අරාබියේ අමේර් මොහොමඩ් සහ අල්බාතුල් අල්මුතයිරි වෙතින්.ලකුණු තත්ත්වය 21 -13 සහ 21 – 17 ක් ලෙස සටහන් වුණා.
ශ්‍රී ලංකාව නියෝජනය කළ බිහඳු සහ වේදක පිරිමි කේවල අංශයේ තරගවලදී අවසන් 16 දෙනා දක්වා පැමිණෙන්නට සමත් වුණා.දකුණු ආසියාතික මට්ටමෙන් සළකන විට අවුරුදු 15 න් පහළ එකඳු අංශයක හෝ සූරතාවයක් ඉන්දියාව දිනා නොගනිද්දී ශ්‍රී ලංකාව කාන්තා යුගල සූරතාවයට හිමිකම් කීම කැපී පෙණුනා.නමුත් අවුරුදු 19 න් පහළ තරග අංශයේදී පිරිමි කේවල අවසන් තරගය සඳහා ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙක්ම සහභාගි වුණා.ලෝකයේ ප්‍රබලම බැඩිමින්ටන් රටක් වශයෙන් තිබෙන කලාපීය බලවතා මේ තරගාවලියේ දත්ත අනුව අවුරුදු 15 න් පහළ අංශයේදී ශ්‍රී ලංකාවට පිටුපසින් දකින්නට ලැබීම දීර්ඝ ලෙස ආරක්ෂා කරන්නටනම් පරිපාලනමය වශයෙන් මේ මොහොත මෙන්ම, ඉහළ දායකත්වයක් සහ නායකත්වයක් ද දිගටම අවශ්‍යය වෙනවා.ඒ නිසා වඩා වගකීමෙන් මේ වන විට ශ්‍රී ලංකා බැඩිම්න්ටන් වෙත වැය කරන මුදල් අනාගත වටිනාකම් ඔප දැමීම සඳහා වැඩි අවස්ථාවක් දෙමින් යෙදවීම වැදගත් විය හැකියි.

මේ තරගාවලියේදී අවසන් තරග දෙකකටම මුහුණ දුන් ඉසුරි අත්තනායක මොරටුව මොරටුව ජයලත් අප ස්වාමි දුවගේ කන්‍යාරාමයේ සිසුවියකි.සිතුමි ද සිල්වා පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබන්නියකි.බිහඳු අධ්‍යාපනය ලබන්නේ නුගේගෝඩ ශාන්ත ජෝන් විද්‍යාපයේ වන අතර කොළම ආනන්ද විද්‍යාලයේ වේදක ගෝමස් ඉගෙනුම ලබනවා.

ප්‍රධාන ඡායාරූපයේ වමේ සිටින්නේ ඉහළම දක්ෂතා දැක් වූ ඉසුරි අත්තනායක වන අතර ඇය සමඟ යුගල සූරතාවයට දායක් වූ සිතුමි ද සිල්වා දකුණු කෙළවර සිටිනවා.අනෙක් ඡායාරූපයෙන් දැක්වෙන්නේ බිහඳු (වම) සහ වේදක යි.

සටහන- නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan