බාලිකාවෝ උණුසුම් කළ DSI

Date:

පාසල් වොලිබෝල් කේෂ්ත්‍රයේ ප්‍රබලම තරගාවලිය ලෙස හඳුන්වන ඩීඑස්අයි වොලිබෝල් තරගාවලියේ,ලාංකේය වොලිබෝලයට වඩාත්ම ආසන්න පලදායිතාවයක් දකවන වයස් කාන්ඩ දෙක වන අවුරුදු 19 න් පහළ සහ අවුරුදු 17 න් පහළ වොලිබෝල් අවසාන තරග ඊයේ සුගතදාස පිටියේදී නිමාව දුටුවා.එම අවසාන තරග හතරෙන් තරගාවලියේ උණුසුම ඉහළ නැංවූ අවසාන තරග දෙක බවට අවුරුදු 17 න් පහළ සහ අවුරුදු 19 න් පහළ බාලිකා අවසාන තරග පත් කරන්නට එම අවසාන තරග නියෝජනය කළ හුංගම විජයබා විද්‍යාලය,උහන තිස්සසිරිපුර විද්‍යාලය,ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසල සහ ගම්පහ කිරිදිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩිකාවන් දායක වුණා.

අවුරුදු 17 න් පහළ අවසාන තරගය වට පහක් පුරා ඇදී ගිය අතර දෙවන වරටද මෙවර තරගාවලියේ දි අවසාන තරගයකදී මේ කණ්ඩායම් දෙක මුණ ගැසුණු අවස්ථාව ලෙස එය සටහන් වුණා.මෙහිදී ද අවසාන ප්‍රථිපලය පෙර ප්‍රතිපලයම බවට පත් කරන්නට හුංගම විජයබා ක්‍රිඩිකාවන් සමත් වුණේ තරග වට 3-2 ක් ජයක් ලබමින්.ලකුණු තත්ත්වය 25 – 22,18 – 25,22 – 25,26 – 24 සහ 15 – 10 ලෙස සටහන් වුණා.එම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වන්නට විජයබා විද්‍යාලයේ නිපුනි දිලේෂිකා සමත් වුණා.දක්ෂතම ප්‍රහාරිකාව වූයේ සුලක්ඛනා පසිඳුනි.ඇය උහන තිස්සපුර විද්‍යාලය නියෝජනය කළා.හුංගම විජයබා විද්‍යාලය නියෝජනය කළ හිරුණි ප්‍රබෝධා දක්ෂතම පන්දු ඔසවන්නිය බවට පත් වුණා.

අවුරුදු 19 න් පයහළ බාලිකා අවසාන තරගයේදී සාමාන්‍යයෙන් නොදකින පාසල් දෙකක් හැටියට ගිරිඋල්ල වික්‍රමශිලාව සහ කිරිඳිවැල සංඝඹිත්තාව මුණ ගැසුණා.එම තරගය තියුණු මුහුුණුවරක් ගත් අතර වට 3-2 න් වික්‍රමශිලාව ජය ගත්තා.ලකුණු තත්ත්වය 23 – 25,16 – 25,26 – 13,25 – 13 සහ 15 – 10 ක් වුණා.තරගයේ දක්ෂතම ක්‍රිඩිකාව බවට පත් වුණේ වික්‍රමශීලා ජාතික පාසලේ චතුරි පූර්ණිමා යි.දක්ෂතම ප්‍රහාරිකාව වූ මලිති කාව්‍යා කිරිඳිවාල සංඝමිත්තාව නියෝජනය කළා.පන්දු එසැවීමේ දක්ෂතාවය වෙනුවෙන් ඇගයීම් ලැබුවේ වික්‍රමශීලාවේ නිශාධි කාව්‍යා යි.

පිරිමි අවුරුදු 17 න් පහළ සහ 19 න් පහළ අවසාන තරග දෙකටම රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලය පිවිසුණ ද,අවසාන තරග ජය ලබන්නට හැකියාව ලැබුණේ නැහැ.17 න් පහළ අවසාන තරගයේ දී ඔවුන් ලකුණු තත්ත්වය 23 – 25, 27 – 25,25 – 20 සහ 25 – 17 ක් වූ ලකුණු සටහනකින් වට 3- 1 ක පරාජයක් ලැබුවේ පන්නල ජාතික පාසල වෙතින්.එම තරගයේදී දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වූ නිපුන් ප්‍රමෝද සහ දක්ෂතම පන්දු ඔසවන්නා වූ මතීශ පන්සිළු පන්නල නියෝජනයන් වූ අතර දක්ෂතම ප්‍රහාරකයාගේ ඇගයීම රාජසිංහය නියෝජනය කළ විහඟ චාමිකර ට හිමි වුණා.

අවුරුදු 19 න් පහළ අවසාන තරගයේදී රාජසිංහ විද්‍යාලය පරාජයට පත් වු‍ණේ සීඳුව දවිසමර විද්‍යාලය වෙතින්.එහිදී වට 3- 0 ක ජයක් දවිසමර විද්‍යාලයට හිමි වුණා.මනුජ නිසල් සහ නවෝද් මලිදු මෙහිදි දවිසමරය වෙනුවෙන් දක්ෂතම ක්‍රීඩකයා සහ දක්ෂතම පන්දු ඔසවන්නා යන සම්මාන දිනා ගනු ලැබුවා.දක්ෂතම ප්‍රහාරකයා බවට පත් වුණේ රාජසිංහයේ ඉදුරංග රත්නායකයි.තරගයේ ලකුණු තත්ත්වය ලකුණු 25 – 22,25 – 20 සහ 25 – 21 ක් ලෙස සටහන් වුණා.

සටහන- නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...