සටන් පාඨ නැති නිසා සජිත් කොරහේ කිඹුල්ලු පෙන්වන්න පටන් අරන් – ආශු මාරසිංහ

Date:

කොළඹ LNW: විපක්ෂයට මේ දිනවල සටන් පාඨ නොමැති නිසා සමාජ ජාල නියාමනයට ආණ්ඩුව සැරසෙන බවට අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි.

එවැනි කිසිදු උත්සහයක් නොමැති බවත් සජිත් ප්‍රේමදාස කොරහේ කිඹුල්ලු දකිමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කරයි.

අද පවතින තත්ත්වය අනුව සමාජ ජලා ඇතුළු මාර්ග ගත ක්‍රමවේද පාලනය කිරීමේ හැකියාවක් නැතත් ඒවා ක්‍රියාත්මක වීමේදී ප්‍රතිපත්ති මාලාවකට යටත් කළ හැකි බව ඔහු පෙන්වාදෙයි.

”මේ දිනවල විපක්ෂයේ අලුත් බිල්ලෙක් නිර්මාණය කරමින් එනවා. සමාජ ජාල සහ මාර්ගගත ක්‍රමවේදයන්ගේ මත ප්‍රකාශ කිරීම මැඩ පවත්වන්න රජය උත්සාහ කරනවා කියලා. එය අසත්‍ය ප්‍රකාශයක් කියන එක සඳහන් කළ යුතුයි. එහෙම කිරීමට ජනාධිපතිවරයාගෙවත් රජයේවත් කිසිදු අදහසක් නැහැ. සටන් පාඨ අහිමි වීමත් එක්ක සජිත් ප්‍රේමදාස කොරහේ කිඹුල්ලු පෙන්නන ස්වරූපයක් අපට පෙන්නේනට තිබෙනවා. මේ ලෝකයේ අද තියෙන තත්ත්වයත් එක්ක අපිට ෆේස්බුක් නියාමනය කරන්නට බෑ. යූටියුබ් නියාමනය කරන්නට බෑ. මාර්ගගත ක්‍රමවේද අපිට පාලනය කිරීම සහ නවත්වන්නට කිසිලෙසකින් බැහැ. නමුත් රටට සමාජ ජාලාවල ක්‍රියා කිරීම වෙනුවෙන් යම් ප්‍රතිපත්ති මාලාවක් සකස් කරගත යුතු වෙනවා. උදාහරණයක් විදිහට අපේ දරුවෙක් අතුරුදහන් වූවත්, සමාජ මාධ්‍ය තුළින් ඉතා ඉක්මනින් ඒ සම්බන්ධව කටයුතු කරලා ඒ දරුවා හොයාගන්න උදව් කරනවා. ඒක ඉතාම හොඳ ලක්ෂණයක්. නමුත් ජාතිවාදය පතුරන ප්‍රවෘත්තියක් සමාජ ජාල තුළින් ප්‍රචාර වීමත් එක්ක ඒක රටේ බරපතල ප්‍රශ්නයක් බවට පත්වීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා මේ හොඳ නරක දෙකෙන් හොඳ තෝරාගැනීම සඳහා අපිට යම්කිසි නීති රාමුවක් අවශ්‍ය වෙනවා. එහෙම නැතුව මේ පනතත් එක්ක රජයට විරුද්ධ වෙන හෝ ප්‍රතිපත්තිවලට විරුද්ධව කෙනෙකුට විරුද්ධව කිසිදු දෙයක් සිදු වන්නේ නැහැ. සිදු කිරීමටත් බැහැ. නමුත් පෞද්ගලිකව යම් කෙනෙකුට හානිකර විය හැකි ප්‍රවෘත්ති පතුරන අයට විරුද්ධව යම්කිසි පාලනයක් සිදු කළ හැකි, තීරණයක් ගත හැකි ස්වරූපයක් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඒ වගේම රටේ නීති රාමුව තුළ අධිකරණ ක්‍රියාදාමයන් තුළ පමණයි මේ සියල්ලකින්ම පිළිසරණක් ලබා ගත හැකි වෙන්නේ කියන කාරණය මතක් කළ යුතුයි. එම නිසා ජනතාව මෙවැනි චෝදනා කරන විපක්ෂනායකවරයා ප්‍රමුඛ විපක්ෂයේ බිල්ලන් පිළිබඳව අවබෝධයෙන් සිටිය යුතු වෙනවා.” යනුවෙන් මාරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ආශු මාරසිංහ මහතා මෙම අදහස් පළකළේ අද (25) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ASK

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා. කවුරුවත් ඉතුරු වෙන්නෑ ඡන්දේ ඉල්ලන්න – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ...

අද (15) දවසේ මි.මී. 100 තද වැසි සහ තද සුළං ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 15) දිනයේදී බස්නාහිර, සබරගමුව,...