සා.පෙළ ප්‍රතිඵල ලබන සඳුදාට (30) පෙර!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ (LNW)

ලබන සඳුදාට (30) පෙර, 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

එහි ප්‍රතිඵල නිකුත් කිරීමට මේ වනවිට කටයුතු සූදානම් කරමින් පවතින බව ඔහු සඳහන් කළේය.

අයැදුම්කරුවන් 452,979ක් සහභාගී වූ මෙවර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 3,527කදී පැවැත්වුණි.

ඊට පාසල් අයැදුම්කරුවන් 387,648ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 65,331ක් ඇතුළත් වේ. ප්‍රතිඵල නිකුත් කළ පසු doenets.lk සහ results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු කථානායක අශෝක රන්වල රිය අනතුරකට ලක්වෙයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල...

ප්‍රදේශ රැසකට වැසි – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 12) දිනයේදී උතුරු සහ...

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...