බිත්තර මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයන්ට ලැබෙයිද?

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ (LNW)

බිත්තර මිල අඩු වීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීම සඳහා බිත්තර යොදා නිපදවන බේකරි නිෂ්පාදනවල මිල හැකි අයුරින් අඩු කිරීමට පියවර ගන්නා ලෙස සියලුම බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්. කේ. ජයවර්ධන පැවසුවේ බිත්තර මිල ඉහල යාම හමුවේ බේකරි හිමියන් කිසිම අයුරකින් බිත්තර යොදා නිපදවන බේකරි නිෂ්පාදන වල මිල වැඩි කිරීමට පියවර නොගත් බවයි. ඔහු පෙන්වා දුන්නේ බිත්තර මිල එකම තත්ත්වයෙන් පවතින දෙයක් නොවන බවත්, මේ දිනවල මිල අඩු වුවද, ඉදිරියේදී මිල වැඩිවිය හැකි බවයි.අද වන විට බේකරි හිමියන් බිත්තරයක් රුපියල් 30 ක තොග මිලකට මිලදී ගැනීම සිදු කරන බවත් ඔහු පවසා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...