නවසීලන්තය දෙවන වරටත් ශ්‍රී ලංකාවට පරදියි

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 26, (LNW) කොළඹ :

ඕස්ට්‍රේලියාව,නවසීලන්තය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම් අතර පැවත්වෙන තුන් කොන් විස්සයි විස්ස තරගාවලියේ නවසීලන්තයට එරෙහි දෙවන ජයත් වාර්තා කරන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 110 ක් රැස් කරන්නට සමත් වුණා.එහිදී නායිකා මනුදි නානායක්කාර පන්දු 35 දි ලකුණු 41 ලබා ගනිමින් ශ්‍රී ලංකා ලකුණු පූවරුවට ඉහළම දායකත්වය ලබා දුන්නා.
පිළිතුරු ඉණිම සඳහා පිවිසි නවසීලන්තයට ශ්‍රී ලංකා දඟ පන්දු බල ඇණියට හිස ඔසවන්නට ඉඩ ලබා දුන්නේම නැහැ.විශේෂයෙන් චමෝදි ප්‍රබෝධා ලකුණු 12 ට කඩුලු 2 ක් දවා ගනිමින් සහ ප්‍රමෝදි මෙත්සරා ලකුණු 15 ට කඩුලු 2 දවා ගනිමින් කැපී පෙනුණා.
ලකුණු පූවරුවට මෙතනින් පිවිසෙන්න.https://www.cricket.com.au/matches/CA:21389/new-zealand-development-women-sri-lanka-u19-women-u19-t20-tri-series-2024-women?tab=scorecard

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තිදෙනෙකුට ජීවිත අහිමි කළ මාරක රිය අනතුර!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: අද (08) සවස,...

ඉන්දියාව සහ මැලේසියාව අතර ශක්තිමත් සබදතාවක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...