*
Friday, September 27, 2024
spot_img

Latest Posts

රග්බි සංචාරය අධිකරණයට පිටින් යන ගමණක් ද?

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 26, (LNW) කොළඹ :

සැප්තැම්බර් මස 28 සහ 29 දෙදින මැලේසියාවේ දී පැවත්වෙන ආසියානු රග්බි සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 18 න් පහළ ආසියානු පළමු පෙල සත් සාමාජික රග්බි තරගාවලිය 2024 සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පාසල් රග්බි සම්මේලනයෙන් නම් කරන ලද කණ්ඩායමක් වුව ද,ශ්‍රී ලංකා රග්බි සම්මේලනයෙන් ඒ වෙනුවෙන් සිඳු විය යුතු කොටසක් ද ඇත.මේ මොහොතේ එම කොටස ක්‍රීඩා අමාත්‍යංශයේ අධික්ෂණය යටතේ සිඳු කිරීම යම් ආකාරයක අධිකරණ තීරණයකට පිටු පෑමක් ද යන සැකය මතු කිරීමකි.

නිවැරදිව නිලවරණය පැවත්වීමෙන් වැළකීම ඇතුළු කරුණු ගණනාවක් පදනම් කරගෙන පැවති පරිපාලනය ඉවත් කර,නිලවරණය පැවත්වීමේ කාර්ය දක්වා බලය ක්‍රීඩා සංවර්ධන දෙපාරත්මේන්තුවට පැවරීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රියා කළේ ශ්‍රී ලංකා රගර් ප්‍රාදේශිය සංගම් ගණනාවක් මඟින් ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කරන ලද පෙත්සමක් අනුවය.එහෙත් පැවති චෝදනාවට ලක් වූ පරිපාලනයේම සභාපතිවරයා පහසුකම් සපයන්නා ලෙස කැඳවමින්,ක්‍රීඩා අමාත්‍යවරයාගේ තීරණය අනුව බලය පැවරුණු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව රගර් ව්‍යවස්ථාව රගර් ක්‍රීඩා සමාජ කිහිපයකට බලය පැවරෙන පරිදි ජාත්‍යන්තර වශයෙන් ද ඉත්තන් සාක්ෂි ලෙස ගෙන සංශෝධනය කිරීමට උත්සාහ කරමින් නිලවරණ කටයුත්ත දෙවන තැනට දමමින් කටයුතු කරනු දකින්නට ලැබිණ.

එම අවස්ථාවේ දී නිලවරණය සම්බන්ධයෙන් විශේෂ මහා සභාවක් කැදවමින් එහි න්‍යාය පත්‍රයට ව්‍යවස්ථාව වෙනස් කිරීම ද ඇතුළත් කිරීමට ක්‍රීඩා සංවර්ඛන දෙපාර්තමේන්තුව උත්සාහ කරද්දී,නැවතත් ප්‍රාදේශිය සංගම් අධිකරණය වෙත ගොස් එම විශේෂ මහා සභාව ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ කරුණු ඇතුළත් නොකර පැවත්විය යුතු බවට තීන්දුවක් ගත්තේය.එහි දී ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අධිකරණ තීන්දුවේ ඇති එම කරුණු නිවැරදිව තීරණය නොකර හෝ නොදැන හෝ වෙනත් දේශපාලන බලපෑකට යටත්ව හෝ මුළු මහා සභාවම නැවත්වීමට තීරණය කළේය.ඒ නිසා තවමත් රගර් මහා සභාව පවත්වා නිලවරණය පැවත්වීම සිඳු වී නැති අතර අධිකරණ තීන්දුවට අනුව කටයුතු කිරීමට නොහැකි වීමෙන් එම තීරණය නොසළකා කටයුතු කළ බවක් ද දැකිය හැකිය.

මේ වන විට ආගමන විගමන ප්‍රධානියා අත් අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් වාර්තා වන කරුණු සැළකිල්ලට ගනිද්දී දැකිය හැක්කේ ඔහු අධිකරණය විසින් දුන් තීන්දුව අමාත්‍යවරයාගේ බලපෑම මත පැහැර හැර ඇති බවක්ය.මේ තත්ත්වයද එවැනි තැනකට යාමේ අවධානමක් පවතින අතර වත්මන් ක්‍රීඩා අමාත්‍යවරිය ලෙස පත් වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙහිදී සිඳු වී ඇත්තේ දේශපාලන බලපෑමක් නම් රාජ්‍ය සේවකයාව එයින් අත් විඳිය හැකි අගතියෙන් මුදවන්නට කටයුතු කර රගර් විශේෂ මහා සභාව පවත්වා නිලවරණයට යන්නට අවශ්‍ය්‍ය කටයුතු සම්පාදනය කරන්නට අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් දෙනු ඇතැයි ප්‍රාෙද්ශිය සංගම් නියෝජිතයින් කිහිප දෙනෙකු අප සමඟ පැවසීය.

එහෙත් ඇතැම් රගර්වලට සම්බන්ධ පිරිස් අග්‍රාමාත්‍යවරියගේ දේශපාලන ප්‍රතිපත්ති කාරණා සැළකිල්ලට නොගෙන ඇය බිෂොප් වැනි පාසලක ඉඟෙනුම ලැබූ ප්‍රභූ සමාජ පසුබිමකින් පැවත එන්නියක බවත්,ඒ නිසා ලංකාවේ රගර් ව්‍යවස්ථාව ඒ සමාජ පැළන්තිය බහුලව ගැවසෙන ක්‍රීඩා සමාජ කිහිපයක බලයට යටත් වෙන සේ ව්‍යවස්ථාව සංශෝධනය කිරිමට අමාත්‍යංශයේ පූර්ණ සහය ලැබෙනු ඇති බවත් තැන තැන දොඩවමින් සිටින බවක් ද දැකිය හැකිය.ඊට අවශ්‍යය සහය ජාත්‍යන්තර සහ ආසියානු රගර් සමඟ සම්බන්ධකම් ඇති මෙරට රගර් ක්‍රීඩාවට අපකීර්තියක් අත්වන සේ හැසිරුණද දේශපාලනික වශයෙන් ලැබුණු රැකවරණ මත කිසිඳු දඬුවමක් නොලැබුණු පුද්ගලයන් යොදා ගෙන ගත හැකි බවත් එම දෙඩවීම්වලට අයත් කොටසක්ය.

කේසේ නමුත් ලංකාවේ රගර් අනාගතය පැහැබර කරන්නට නියමිත අවුරුදු 18 න් පහළ කණ්ඩායමට අප අපගේ උණුසුම් සුබ පැතුම් සමඟ ජයග්‍රාහී ප්‍රතිපලයක් ලැබීමේ ශක්තිය සහ දිරිය පතන්නෙමු.බම්බලපිටිය ශාන්ත පීතර් විද්‍යාලයේ විශෙන්ක සිල්වාගේ නායකත්වයෙන් හා ඉසිපතන විද්‍යාලයේ ත්‍රිනෙත්‍ර දොඩම්ගොඩගේ උපනායකත්වයෙන් යුත් කණ්ඩායමක් මේ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වේ.

ශ්‍රී ලංකාව ඇතුලත්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව, සවුදි අරාබිය, හොංකොං, චයිනීස් තායිපේ, තායිලන්තය, බෘනායි යන රටවල කණ්ඩායම් 10 ක් මෙම තරගාවලිය සදහා සහභාගී වේ.

තරගාවලිය සදහා පිටත්වයන රග්බි කණ්ඩායම සහ මෙහි කළමණාකරු මනුජ නිම්මාන, පුහුණුකරු රජිව් පෙරේරා, වෛද්‍ය කේ.ඒ.පී.කිරිඇල්ල ඇතුළු ක්‍රීඩකයින් ද නිලධාරීන් ද සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර මෙහි දැක්වෙන්නේ එම සාමූහික ඡායාරූපයයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan