ප්‍රමාණවත් ඉන්ධන ලබා ගැනීම සඳහා කාර්යක්ෂමව කටයුතු කරන්න- ජනපතිගෙන් බලධාරින්ට උපදෙස්

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ (LNW)

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද (26) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ඔවුන් විසින් ,ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් රට තුළ පවතින බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව දැනුවත් කර තිබේ.

ඉදිරියේදී ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකිවන පරිදි ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමේ වැදගත්කම ද නිලධාරීන් දැනුවත් කල ජනාධිපතිවරයා වර්ෂයට අදාළව ප්‍රමාණවත් ඉන්ධන ලබා ගැනීම සඳහා කාර්යක්ෂමව කටයුතු කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

විදුලිබල අමාත්‍යාංශය සඳහා ඉන්දියානු ආධාර මත ලැබී තිබෙන සූර්ය පැනල කඩිනමින් පිරිවෙන් 800 සඳහා ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා විදුලිබල අමාත්‍යාංශය මගින් සකස් කරන ලද මාර්ග සිතියමක් හරහා එම කටයුතු ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය. විදුලිබල අමාත්‍යාංශය විසින් ආසියානු සංවර්ධන බැංකුවේ සහ විදෙස් ණය යටතේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති කඩිනම් කිරීමේ  අවශ්‍යතාවයද මෙහිදී පැහැදිළි කර තිබේ.

ඒ අනුව විදෙස් ආධාර මත ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලට මාස තුනක් ඇතුළත අනුමැතිය ලබාදීමට කමිටුවක් පත් කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා පැවසීය. මේ අතර ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කර ගමට මුදල් යෑමේ ක්‍රමවේදය කඩිනමින් ස්ථාපිත කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා විසින් පෙන්වා දී තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්වූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...

පවන් දුර්මත බිඳියි – සහයට කෙනෙක් සිටියානම් ඓතිහාසික ජයකට යාමට තිබුණු ඉණිමක් දියත් කරයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: ඉතිහාසයේ එක් කලෙක ශ්‍රී...

කාලගුණයේ යළිත් වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 28) දිනයේදී දිවයිනේ බොහෝ...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිවැරදිව ක්‍රියාත්මක කරන්න. අපිත් සහයෝගය ලබා දෙන්නම් – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ...