ගලබඩඅත්තේ ඥානසාර හිමිගේ නඩු තීන්දුව නොවැම්බර් 14 වනදා ලබාදීමට නියෝග!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ (LNW):

බොදු බල සේනා සංවිධානයේ නායක ගලබඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පැවරූ නඩුවේ තීන්දුව නොවැම්බර් 14 වැනි දින ලබාදෙන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (26)නියෝග කළ බව සඳහන් වේ. ඒ ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි චෝදනා කරමින් පැවරූ නඩුවට අදාළවයි.

පැමිණිල්ල ඉදිරිපත් කර ඇති චෝදනාව සනාථ කිරීම සඳහා වන සාක්ෂි ඉදිරිපත් ව නොමැති හෙයින් විත්තිකරු නිදහස් කරන ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණි අල්විස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, 2016 ජූලි මස අටවෙනි දින කිරුළ පන පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකින් ආගමික සංහිඳියාව බිඳියාන ආකාරයෙන් කටයුතු කර ඇති බවත්,ඒ අනුව දණ්ඩ නිති සංග්‍රහයේ 291( ආ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබුණි.

පැමිණිල්ල වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර, දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නොවැම්බර් 14 වැනි දින තීන්දුව ලබාදෙන බව නියෝග කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...