ලංකා විදුලිබල මණ්ඩලයට නව සභාපතිවරයෙක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ (LNW)

ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පත් කර තිබෙන අතර, ඔහු මෙරට බලශක්ති ක්ෂ්‍රේතයේ සිටින ප්‍රමුඛයකු වන බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ, දකුණු සහ අග්නිදිග ආසියාවේ, මැද පෙරදිග සහ නැගෙනහිර අප්‍රිකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වසර 40ක පළපුරුද්දක් තිබෙන බවට තොරතුරු වාර්තා වේ.

තිලක් සියඹලාපිටිය මහතා සිය ආචාර්ය උපාධිය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇති අතර සෞදි අරාබියේ දශක ගණනාවක් සේවය කළ අයකු වන අතර, වරලත් ඉංජිනේරුවරයෙක් වන ඔහු ශ්‍රී ලංකා බලශක්ති කළමනාකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා වීමත් විශේෂත්වයකි.

ආසියාවේ සහ අප්‍රිකාවේ ජාත්‍යන්තර බලශක්ති උපදේශකවරයා ලෙසද මේ මහතා කටයුතු කර තිබෙන බව සඳහන් වේ..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...