ජනාධිපතිවරයා කෝටි 20ක් ඉතුරු කරද්දී බස්නාහිර ආණ්ඩුකාරවරයාත් ලක්ෂ 20ක් ඉතුරු කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කරන ලද නව බස්නාහිර ආණ්ඩුකාර ප්‍රකට ව්‍යාපාරික හනීෆ් යූසුෆ් මහතා අද (26) වැඩ භාර ගන්නා ලද අතර ඉතා සරළ අවස්ථාවක් ලෙස එය සංවිධානය කර තිබුණි.

විනාඩි 10ක් වැනි කෙටි කාලයක් තුළ එම කටයුතු සංවිධානය කර තිබීම එහි විශේෂත්වයකි.

සාමාන්‍යයෙන් පෙර අවස්ථවලදී එය පැය දෙකක පමණ කාලයක් දක්වා දිවයන වැඩසටහනක් වන හෙයින් ඉතා විශාල මුදලක් ද පළාත් සභාව විසින් දැරිය යුතු වෙයි.

එහෙත් අද දින ඒ සඳහා වැය වී ඇත්තේ කිරිපිටි පැකට් 1යි,ඒ සඳහා සීනි තේකොළ හා බුලත් අතක් පමණක් බවයි ආණ්ඩුකාර කාර්යාලයේ තැනැත්තෙක් සඳහන් කළේ.

ජනාධිපතිවරයාගේ අරමුණ අනුව බස්නාහිර පළාත් සබ්ව තුළ ජනතා සේවයක ගොඩනැංවීම සිය අරමුණ බවද එහිදී නව ආණ්ඩුකාරවරයා සඳහන් කර තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...