ජනාධිපති නියමයෙන් පොහොර සහනාධාරය ඉහළට!

කොළඹ LNW:2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඔක්තෝබර් මස 1 වැනිදා සිට ඉහළ දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව හෙක්ටයාරයකට ලබා දුන් සහනාධාරය රුපියල් 15,000 සිට රු. 25,000 දක්වා ඉහළ නංවන ලෙසයි ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී ඇත්තේ.

ඒ අනුව කාර්යක්ෂම හා ඵලදායී ලෙස එම සහනාධාරය ගොවීන් වෙත ලබාදීම සඳහා අදාළ මුදල් සෘජුවම ගොවින්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රේෂණය කිරීමට කටයුතු කෙරෙන අතර නිවැරදි කෘෂි යෙදවුම් කළමනාකරණයක් අරමුණු කර ගනිමින් සාධාරණ මිලට පොහොර ඇතුළු කෘෂි යෙදවුම් ලබා දීම සහ යහපත් කෘෂිකාර්මික පිළිවෙත්වලට අනුව රසායනික හා කාබනික පොහොර ඇතුළු කෘෂි යෙදවුම් සඳහා සහනාධාර ලබා දීම පිළිබඳ නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබෙන අතර ඒ අනුව මෙම පියවර ගෙන ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...