සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට ඩබල් කැබ් 07 ක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26 කොළඹ LNW :

ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය දායකත්වය සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අනුග්‍රාහකත්වය යටතේ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ඩබල් කැබ් රථ 07 ක් ලබා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ලබාදීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරිණි. මෙම කැබ් රථයක වටිනාකම මිලියන 22 ක් බව පැවසේ.  

ඒ අනුව නුවර දිස්ත්‍රික්ක‌යේ වරල්ලගම සහ ගඟවට කෝරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහාත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහාත්, බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණ සහ බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සඳහාත්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහාත්, කොළඹ ව්‍යාපෘති කළමණාකරණ ඒකකයටත් නිල වශයෙන් කැබ් රථ බාරදීම මෙහිදී සිදු විය.

සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් මධ්‍යම, උතුරුමැද, ඌව සහ සබරගමුව පළාත්වල රෝග නිවාරණ සෞඛ්‍ය සේවා සඳහා කැබ් රථ 45 ක් ලබාගැනීමට කටයුතු කර තිබූ අතර, 2022 ජනවාරි මාසයේ දී ඉන් ඩබල් කැබ් රථ 38 ක් මිලදී ගෙන එම කැබ් රථ රෝග නිවාරණ සෞඛ්‍ය සේවා ලබාදීමට පියවර ගෙන තිබුණි. එම වැඩපිළිවෙලේ  මැතක දී මිල දී ගත් ඉතිරි කැබ් රථ 07 මෙලෙස නිල වශයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ලබාදීම සිදු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...