සම්පත් මනම්පේරීට දින 90ක රැඳවුම් නියෝග – අධිකරණයට දැනුම් දෙයි!

Date:

කොළඹ LNW:මිද්දෙණිය තලාව ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගැනෙන රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සඟවා තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සම්පත් මනම්පේරි නැමැත්තා දින 90ක කාලයක් රැඳවුම් භාරයේ ප්‍රශ්න කිරීමට වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා විසින් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට භාර දී ඇතැයි එම කොට්ඨාසය වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (26) දැනුම් දුන්නේය.

සම්පත් මනම්පේරී නැමැත්තා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙක් වන අතර ඔහු පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙක් ලෙසද ඉදිරිපත් වී සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඔහුගේ සහෝදරයා වන පියල් මනම්පේරී (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අගුණකොලපැලැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සහික) අද වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මේ අතර සම්පත් මනම්පේරී දමිළ ජාතික සන්ධානයේ සාමාජිකයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජ් රවිරාජ් ඝාතනයේ සැකකරුවෙක් ලෙසා හඳුනාගෙන තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චනිත්මාගේ ගැටළුවේදී පරංගියාගේ පාරෙන් කෝට්ටේ යන අධ්‍යාපන බලධාරීන්ට හරි පාර

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: මේ මොහොතේ සමාජ මාධ්‍ය...

සිය පළමු දේශනය සිදු කරමින් ලියෝ පාප් වහන්සේ ඉල්ලූ දේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශාන්ත පීතර චතුරශ්‍රයේ...

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝමබ බියක්!

කොළඹ LNW:මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝමබ බියක් හේතුවෙන් විශේෂ...

ඝාතනයක් කිරීමට අදාල පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW: ඉකුත් දා, අම්බලන්ගොඩ නගරයේ...