සම්පත් මනම්පේරීට දින 90ක රැඳවුම් නියෝග – අධිකරණයට දැනුම් දෙයි!

Date:

කොළඹ LNW:මිද්දෙණිය තලාව ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගැනෙන රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සඟවා තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සම්පත් මනම්පේරි නැමැත්තා දින 90ක කාලයක් රැඳවුම් භාරයේ ප්‍රශ්න කිරීමට වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා විසින් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට භාර දී ඇතැයි එම කොට්ඨාසය වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (26) දැනුම් දුන්නේය.

සම්පත් මනම්පේරී නැමැත්තා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙක් වන අතර ඔහු පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙක් ලෙසද ඉදිරිපත් වී සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඔහුගේ සහෝදරයා වන පියල් මනම්පේරී (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අගුණකොලපැලැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සහික) අද වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මේ අතර සම්පත් මනම්පේරී දමිළ ජාතික සන්ධානයේ සාමාජිකයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජ් රවිරාජ් ඝාතනයේ සැකකරුවෙක් ලෙසා හඳුනාගෙන තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...