හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ මහත්මියට දුරකතනයෙන් තර්ජනය කළ පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට පත්ව තිබෙන්නේ කොළොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදලක් ඉල්ලා සැකකරු අයෝමා රාජපක්ෂ මහත්මියට අවස්ථා 30 කදී දුරකතන ඇමතුම් ලබා දී ඇති අතර ඇයට තර්ජනය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබිණි.
පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇත.
UN