*
Friday, April 26, 2024
spot_img

Latest Posts

රාජපක්ෂලාට දැන් 69 ක් තියා 9 ක් වත් නෑ – වෙල්ගම

රාජපක්ෂලා ගැට කීමට තමාට කිසි‌දෙයක් නොමැති බවත්, රාජපක්ෂ පවුල ගැන අවසන් තීරණය ජනතාව විසින් ගනු ඇති බවත් නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම මහතා පවසනවා. පැවසීමට ඇති එකම දේ රාජපක්ෂලාට දැන් 69 ලක්ෂයක් තබා ලක්ෂ 09 ක් හෝ නොමැති බව යැයිද වෙල්ගම මහතා සඳහන් කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රී, ඩලස් කණ්ඩායමේ සාමාජික ජී.ඇල්. පීරිස් මහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වමේ බලවේගයක ශක්තිය සහිත නායකයෙකු ඉදිරියේදී නිර්මාණය වන බවට අනාවැකි පළකරන කුමාර වෙල්ගම මහතා පවසන්නේ එම නායකත්වය බාර ගැනීමට තමා සූදානම් නොමැති බවයි. තමා එහි මැදිහත්කරුවෙකු ලෙස පමණක් කටයුතු කරන බවද පවසනවා.

ඩලස් පාර්ශ්වය සමග සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඔහු ප්‍රකාශ කළේ බෙදී වෙන්වී කටයුතු කිරීමෙන් රට ගොඩනැගිය නොහැකි බවයි. බෙදී වෙන්වී ඉදිරියට ගිය දේශපාලන කඳවුරක් නොමැති බවත් එනිසා සියලු පාර්ශ්ව එකම කඳවුරකට එකතු වීම අතිශය වැදගත් බවත් වෙල්ගම මහතා ප්‍රකාශ කරනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan