IMF එකෙන් සත පහක්වත් ලැබෙන්නෙ නෑ – උදයංග

Date:

රට ගොඩනැගීමට ඇති හොඳම පිළියම හැකිතරම් විදෙස් සංචාරයක් ගෙන්වා ගැනීම බවත් ඒ සඳහා සංචාරයට හිතකර පරිසරයක් ස්ථාපිත කළයුතු බවත් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා. ඉදිරි මාස තුන හතරක කාලය තුළ ප්‍රමාණවත් සංචාරකයන් ප්‍රමාණයක් නොපැමිණියහොත් රටට අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සම්පූර්ණයෙන් ඇනහිටිනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රටතුළ යළිත් උද්ගෝෂණ රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති හෙයින් වසරේ ඉදිරි කාලය තුළ විදෙස් සංචාරකයන් අඩුවිය හැකි බවටද වීරතුංග මහතා අනාවැකි පළ කරනවා.

සංචාරය සඳහා සුදුසු සාමකාමී පරිසරයක් නොමැති බව ජාත්‍යන්තරයට පෙනී ගියහොත් කිසිදු සංචාරකයෙකු නොපැමිණෙන බැවින්, සාමකාමී වාතාවරණයක් ඇති කිරීම ආණ්ඩුවේ වගකීම බවද ඔහු පෙන්වා දෙනවා. පාලකයන් මෙන්ම රටේ මහජනතාවද මෙම තත්වය තේරුම් ගතයුතු බවත්, රට සාමකාමීව පවත්වාගෙන යාම ජනතාවගේද වගකීමක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.

සංචාරක කර්මාන්තය වැනි ඩොලර් උපයන මාර්ග වසාදමා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය සහන අපේක්ෂාවෙන් සිටීම ඥානාන්විත ක්‍රියාවක් නොවන බව පෙන්වා දෙන උදයංග වීරතුංග මහතා පවසන්නේ මෙම වසර අවසන්වීමට පෙර සතපහක් හෝ මුල්‍ය අරමුදලෙන් නොලැබෙන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව එක්ක බද්ද අඩුකරගත්තේ කොහොමද? රටට හෙළි කරන්න – නාමල් කියයි

කොළඹ LNW:ඇමරිකාවට කරනු ලබන අපනයන මත පැනවූ අන්‍යෝන්‍ය තීරු...

ආරක්ෂක සේවා කැරම් සූරතා ගුවනේ පතිත වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින්...

බස් රථ අනතුරක් : 42 දෙනෙකුට තුවාල..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : ඇඟලුම් සේවිකාවන් පිරිසක්...

“සිටි ඔෆ් ඩ්‍රීම්ස් – ශ්‍රී ලංකා” සංකීර්ණය ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි !

කොළඹ පිහිටි "සිටි ඔෆ් ඩ්‍රීම්ස් - ශ්‍රී ලංකා" හෝටල්...