*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

කිප්චෝගේ තමන්ගේ වේගය පරදයි

බර්ලින් මැරතන් තරගය සිව්වන වරටත් ජය ගනිමින් ද තමන්ගේම ලෝක වාර්තාව නැවත අලුත් කරමින් ද ඊයේ දිනයේ ලෝකයේ විශ්මිත ක්‍රීඩකයා බවට පත් වන්නට එලියඩ් කිප්චොගේ සමත් විය.2016 මෙන්ම 2020 ඔලිමපික් රන් පදක්කම්ලාබී මැරතන් ක්‍රීඩකයා ද ව කිප්චොගේ කෙන්යාවේ දුර දුවන්නන් බොහෝ පිරිසකගේ රන් නිජ බිම වන නන්දි දිස්ත්‍රික්කයෙන් බිහි වූ ක්‍රීඩකයෙකි.

අවුරුදු 38 ට මාස දෙකකට අඩු කාලයක් මෙපිටින් තිබෙන ඔහුගේ වයස සමඟ සසඳන විට මෙම ජයග්‍රහණය තව දුරටත් දිඳුළන එකකි. 1984 නොවැම්බර් 5 වන දා උපත ලද ඔහුට හොද පවුලක් තිබුණ බව කිව නොහැකිය.ඔහු සිය පියා දැක ඇත්තේ ඡායාරූපවලින පමණි.නමුත් ගුරු වෘත්තියේ නියැලි මවගේ ආශිර්වාදය යටතේ ඔහු වයස 15 වන විට ද්විතීයික අධ්‍යාපනය අවසන් කර උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබා ගත්තේය.ඔහුගේ ජීවිතය වෙනස් කරන හමුවීම වන ඔලිම්පික් පදක්කම්ලාභියෙක් වූ පීටර් සෑන්ග් ගේ හමුවීම සිඳුවන්නේ 2001 දී ය.
අද වන විට සිය බිරිදගෙන් සහ දරු දෙනොගෙන් දුරස්ව කිලෝ මීටර් 30 ක් ඈතින් සිය වෘත්තීය ජිවිතයට කැපවන කිප්චෝගේඊයෙ සිය නමට පැවති පිරිමි මැරතන් වාර්තාව තත්පර 30 න් ඉදිරියට ගෙන ගියේ පැය.02:02:09 ක කාලයක් ගත කරමින්ය.

ඔහුගේ ජාත්‍යන්තර තරග පිටියට පිවිසීම වාර්තා වන්නේ ද රන් පදක්කමකට දායක වෙමින්ය.ඒ ඔහුට අවුරුදු 17 ක් සපිරෙන්නටත් පෙර ලෝක රට හරහා දිවීමේ තරගයට සහභාගි වෙමින්ය.එහිදී ජයගත කෙන්යානු කණ්ඩායමේ සාමාජිකයෙක් වුව ද කිප්චෝගේට පෞද්ගලිකව පස්වන ස්ථානයෙන් සෑහෙන්නට සිඳු විය.
ඔහුගේ පළමු ඔලිම්පික් තරග සහභාගීත්වය සිඳුවන්නේ 2004 වසරේදීය.එතැන් පටන් 2012 හැරෙන්නට ඔහු 2008,2016 සහ 2020 වසරවල ඔහුගේ නම පදක්කම් ලේඛණයේ ඇත.2004 වසරේදී මීටර් 5000 ඉසව්වේ ලෝකඩ පදක්කමත්,2008 වසරේදී එම ඉසව්වේ රිදී පදක්කමත් සිය ගෙලෙහි පළඳාගන්නට තරම් එලියුඩ් කිප්චොගේ සමත් විය.ඔහු 2016 සහ 2020 වසරවල ඔලිමපික් ක්‍රීඩා උළෙලේ මැරතන් ඉසව්වේ රන් පදක්කම්ලාභියා ය.

ලොව ප්‍රධාන පෙළේ මැරතන් තරගවලදී ඔහුගේ නමට රන් පදක්කම් හිමි අවස්ථා ගණන දහයකි.ඉන් සිව් වතාවක්ම ඔහු බර්ලින් තරගයේ රන් පදක්කම දිනා ඇති අතර එක් වතාවක් එහි දෙවන ස්ථානය ලබා රිදි පදක්කම දිනා ගැනීමට ද කිප්චොගේ සමත් වි ඇත.ලන්ඩන් මැරතන් තරගය ද සිව් වතාවක් ජයගෙන ඇති කිප්චොගේ ටෝකියෝ සහ චිකාගෝ මැරතන් තරග ද එක් වතාව බැඟින් ජයගෙන ඇත.
කිප්චෝගේ පැය දෙකකට වඩා අඩුවෙන් මැරතන් තරගයක් නිම කළේ 2019 වසරේ දී ය.එහිදී ඔහු වේගය අනියම් ආකාරයට උපයාගත් බවට සැක කළ හැකි කරුණු තිබුණෙන් වාර්තාව පිරිනැමුවේ නැත.එහෙත් එතැන් සිට ඔහු පැය දෙකේ සීමාවට ඉතා ආසන්න වශයෙන් කාලය වාර්තා කරමින් සිටින අතර ඔහුගේ වයස සමඟ තරග වැදීමේ සීමාව තීරණය කරන තෙක් ඔහු එම වාර්තාව වෙනුවෙන් වෙහෙස වීම අත් නොහරින බව ද විශ්වාසය.
බර්ලින් තරගයේ මුල සිටම කිප්චොගේ වාර්තාව සමඟ වූ ජයග්‍රහණය වෙනුවෙන් ධාවනයේ යෙදුණ පැහැදිළි විය.ඒ වේගය නිසා කිලෝ මිටර් 25 වන විටත් කිප්චෝග් කණ්ඩායමෙන් මිදුණු හුදකෙලා තරගකරුවෙක් විය.තනිව ධාවනයේ දී සිඳුවන යම් මන්දගාමීවීමක් කිප්චෝගේන් ද පළ වුණු අතර නමුත් එය ඔහුගේ වාර්තාව තැබීමේ ඉලක්කයට බාධාවක් නැත.

කිප්චොගේ යනු මේ වන විටත් දුර දුවන්නෙක් සේ ලෝක ඉතිහාසයේ පරමාදර්ශි තරුවක් වී හමාර ක්‍රීඩකයෙක්ය.නන්දි දිස්ත්‍රික්කයේ ක්‍රීඩක පවුල්වල ඇතුළත කියවන්නට ඔබට උනන්දු විය හැකිනම් ඔවුන්ගේ ජීවිත ශ්‍රී ලාංකේය ජිවිතවලට වඩා අර්බූද පිරුණු එකක් බව සොයා ගැනීම අපහසු නැත.නමුත් ඔවුන්ගේ ක්‍රීඩාව වෘත්තීය මට්ටමෙන් අඩුවක් නැතුව පැවතෙන බව අපි දනිමු.
කිප්චොගේ හොඳ ධාවකයෙක්ය.හොඳ පියෙක්ය,හොඳ සැමියෙක්ය.එසේම හොඳ මනුස්සෙක්ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan