දරිද්‍රතාවයෙන් පෙළෙන්නන් පිළිබඳ සමීක්ෂණයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කඩිනමින් සමීක්ෂණයක් සිදුකරමින්, දරිද්‍රතාවයෙන් පෙළෙන සවිබල ගැන්විය යුතු අනෙකුත් පවුල් හඳුනාගැනීමට කටයුතු කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

මුදල් අමාත්‍යාංශය, සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එක්ව කමිටුවක් පත්කර ගනිමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස ලෙස එම කාරක සභාව උපදෙස් ලබා දී ඇත.ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර, ආර්ථික අර්බුදයේ බලපෑමෙන් පීඩාවිඳින අස්වැසුම ලබන හා නොලබන සියලුම පවුල් සවිබල ගැන්වීමේ වගකීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට පැවරෙන බව සභාපතිවරයා එහිදී නිලධාරීන් හමුවේ සිහිපත් කර ඇත.

එමෙන්ම ඉදිරි වසර පහ තුළ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වන සැලැස්මක් වහාම සකසන ලෙසද, එම කමිටුව සමෘද්ධි දෙපාර්තමේන්තුවට නියෝග ලබා දුන් බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පැවසුවේ, ග්‍රාමීය ව්‍යවසායකයින් ජාත්‍යන්තර වෙළෙඳපොළට සම්බන්ධ කිරීම සඳහා “සමෘද්ධි ප්ලස් ” නමින් වැඩසටහනක් ආරම්භ කළ බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙතන්‍යාහු සහ ට්‍රම්ප්ගේ ඊළඟ ඉලක්කය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අගමැති බෙන්ජමින්...

අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...