ලාංකේය පිතිකරුවන් තිදෙනෙක් ශතක වාර්තා කරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 27, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවෙද්දී, ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා ප්‍රබල තත්ත්වයක පසුවෙනවා.ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවන් තිදෙනෙකුම ශතක වාර්තා කිරීම කැපී පෙනුණා.එම දායකත්වයත් සමඟින්, ශ්‍රී ලංකා ඉණිම කඩුලු 5 ට ලකුණු 602 ක් ව තිබියදී නිමා වුණා.එම ලකුණු පූවරුවට ජයග්‍රාහී බලාපොරොත්තු එකතු කරමින් දිනය නිමාවන විට නවසීලන්තයේ ලකුණු 22 ට කඩුලු 2 ක් දවා ගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වුණා.

කමිඳු මෙණ්ඩිස් කණ්ඩායමේ විශ්වසනීයත්වය තව දුරටත් තහවුරු කරමින් කමිඳු මෙණ්ඩිස් නොදැවී ලකුණු 182 ක් රැස් කරන්නට සමත් වුණා.කුසල් මෙණ්ඩිස් පිතිකරු ලැයිස්තුවේ නව ස්ථානය තහවුරු කර ගනිමින් යළිත් ලකුණු අතරට එමින් නොදැවී ලකුණු 106 ක් රැස් කරන්නට සමත් වුණා.පළමු දිනයේම දිනේෂ් චන්දිමාල් ලකුණු 116 රැස් කළ අතර එහිදී ඇන්ජලෝ මැතිව්ස් ලබා ගත් ලකුණු 88 ත් ශතක තරමට වටිනා එකක් වුණා.

නවසීලන්තය වෙනුවෙන් ගේන් පිලිප්ස් ලකුණු 141 ට කඩුලු 3 ක් ලබා ගන්නට සමත් වුණා.පහත දැක්වෙන්නේ තරගයේ ලකුණු පූවරුවට පිවිසෙන මඟයි.
:https://www.espncricinfo.com/series/sri-lanka-vs-new-zealand-2024-1447091/sri-lanka-vs-new-zealand-2nd-test-1447097/live-cricket-score

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….

ඔබ මේ ලිපිය කියවිය යුත්තේතව වසර විස්සකට පසුවයි.ඔබ එවූ...

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් වීමට ජපානයට කිසිදු සුදුසුකමක් නැහැ – චීනය

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් බවට...

සියළුම අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී ලැබෙයි – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : මාධ්‍ය විසින් කළ...