ඇමරිකා එක්සත් ජනපදය කොලොම්බියානු ජනාධිපති පෙට්‍රෝගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට තීරණය කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) :  එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සම්බන්ධ වූ කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝගේ “නොසැලකිලිමත් සහ ගිනි අවුලුවන ක්‍රියාවන්” උපුටා දක්වමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කරන බව පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව Xහි නිවෙදනය කර තිබුණේ, කොලොම්බියානු ජනාධිපතිවරයා නිව්යෝර්ක් නගරයේ වීදියක සිටගෙන එක්සත් ජනපද සොල්දාදුවන්ගෙන් නියෝගවලට අකීකරු වී ප්‍රචණ්ඩත්වය උසිගැන්වූ බවයි.

ඊයේ(26)දිනයේදී නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයෙන් පිටත පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් දහස් ගණනක් සමඟ කොලොම්බියානු නායකයා එක්ව ඊශ්‍රායලය වෙනුවෙන් සිය විරෝධය පළකර තිබිණි.

එක්සත් ජනපදය මේ වන විටත් පලස්තීන රාජ්‍යක් පිළිනොගනියි. පසුගිය අගහරුවාදා(23)එක්සත් ජාතීන්ගේ සැසිවාරය අමතමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, යුරෝපිය රටවල් පලස්තීන රජයක් පිළිගැනීම වෙනුවෙන් තමාගේ විරෝධය පල කරන බවත්, හමාස් සංවිධානය පිළිගැනීම ඔවුන්ට ත්‍යාගයක් වන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : සුවහසක් කලා...

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : කඩුවෙල නගරාධිපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ඇප මත නිදහස්

නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන...

සුඩානයේ සිවිල් යුද්ධයට වහාම සටන් විරාමයක් අවශ්‍යයි – Antonio Guterres

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ කුරිරු සිවිල්...