ඇමරිකා එක්සත් ජනපදය කොලොම්බියානු ජනාධිපති පෙට්‍රෝගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට තීරණය කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) :  එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සම්බන්ධ වූ කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝගේ “නොසැලකිලිමත් සහ ගිනි අවුලුවන ක්‍රියාවන්” උපුටා දක්වමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කරන බව පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව Xහි නිවෙදනය කර තිබුණේ, කොලොම්බියානු ජනාධිපතිවරයා නිව්යෝර්ක් නගරයේ වීදියක සිටගෙන එක්සත් ජනපද සොල්දාදුවන්ගෙන් නියෝගවලට අකීකරු වී ප්‍රචණ්ඩත්වය උසිගැන්වූ බවයි.

ඊයේ(26)දිනයේදී නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයෙන් පිටත පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් දහස් ගණනක් සමඟ කොලොම්බියානු නායකයා එක්ව ඊශ්‍රායලය වෙනුවෙන් සිය විරෝධය පළකර තිබිණි.

එක්සත් ජනපදය මේ වන විටත් පලස්තීන රාජ්‍යක් පිළිනොගනියි. පසුගිය අගහරුවාදා(23)එක්සත් ජාතීන්ගේ සැසිවාරය අමතමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, යුරෝපිය රටවල් පලස්තීන රජයක් පිළිගැනීම වෙනුවෙන් තමාගේ විරෝධය පල කරන බවත්, හමාස් සංවිධානය පිළිගැනීම ඔවුන්ට ත්‍යාගයක් වන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...