බැංකොක්වල හිටපු ගමන් මොකද වුනේ???

Date:

ඉසුරු පරාක්‍රම

සැප්තැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මීට දින දෙකකට ඉහත දී සමාජ මාධ්‍යවල විශාල අවධානයක් යොමු වූ පුවතක් වූයේ තායිලන්තයේ බැංකොක් නුවර මහා මාර්ගයේ අතිවිශාල කොටසක් එකවර පොළවට කිඳා බැසීමේ පුවතයි. 

මෙම සිදුවීමේ සජීවී දසුන් ලොව පුරා සංසරණය වූ අතර, එහි බිහිසුණු බව නිසාම මෙම පුවත ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රධාන ශීර්ෂපාඨ මවන්නක් බවට පත්වීමට වැඩි වේලාවක් ගතවූයේ නැත.

මෙම බිහිසුණු සිදුවීමෙන් ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති නමුත් බැංකොක් නුවර ප්‍රධාන මාර්ගයට මෙන්ම අවට ගොඩනැඟිලි, යානවාහන හා අනෙකුත් දේපලවලට දැඩි අලාභ හානියක් සිදුව තිබිණි.

ඉකුත් බදාදා (25) දින තායිලන්තයේ බැංකොක් නුවර සම්සෙන් මහා මාර්ගයේ වජිරා රෝහලට ආසන්නව ඝන මීටර 500 ක පමණ භූමි ප්‍රදේශයක් මෙසේ පොළව කිඳා බැසීම සමඟ එම මාර්ගයේ ගමනාගමනය බෙහෙවින් ඇණහිටි අතර, එම කිඳා බැසීමත් සමඟ පොළවේ හටගත් කුහරය ක්‍රමක්‍රමයෙන් විශාලවන අන්දම ද කැමරා කාචයේ සටහන් වී තිබිණි.

ජීවිත හානි කිසිවක් සිදුවීමට ප්‍රථම ප්‍රදේශවාසීන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතුකර තිබුණ ද පොළව මෙසේ හිටිහැටියේ ම අත්භූත ලෙස කිඳා බැසීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව තවමත් සෑහීමකට පත්විය හැකි පැහැදිලි කිරීමක් ලබා දී නොමැති බව වාර්තා වේ. 

Valeria Mongelli/Anadolu/Getty

මූලික වාර්තාවල දැක්වෙන්නේ භූගත දුම්රිය මාර්ගයක් ආශ්‍රිතව සිදුකරන ලද ඉදිකිරීම් කටයුතුවල මතු වූ ගැටළුවක් හේතුවෙන් මෙම කිඳා බැසීම සිදුව ඇති බවයි. කෙසේවෙතත්, එලෙස පොළව කිඳා බැසීමේ වීඩියෝ දර්ශන නිරීක්ෂණය කිරීමෙන් එම මාර්ගයේ කොටසක් සම්පූර්ණයෙන් ම පාහේ කඩා වැටී යන ආකාරය පැහැදිලිවන අතර, විදුලි කණු කිහිපයක් ද කඩා වැටී ජල නලවලට හානි සිදුවන අන්දම ද දැක්වේ. ඒ අයුරින් ක්‍රමක්‍රමයෙන් එම කුහරය විශාල වී මංතීරු හතරකින් යුත් මාර්ගය සම්පූර්ණයෙන් ම වෙන්වී යන අයුරක් එම වීඩියෝ දසුන්වල දැක්වේ. ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් එවන් බරපතල අන්දමේ හානියක් සිදුවිය හැකි ද යන්න පිළිබඳ ගැටළුව සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර මතුව තිබේ. 

මේ අතර, එම ප්‍රදේශයේ විදුලිය සහ ජල සැපයුම තාවකාලිකව කපා හැරීමට බලධාරීන් කටයුතුකර ඇති අතර, පවතින වැසි තත්ත්වය හේතුවෙන් තවදුරටත් හානි සිදුවීමට ඉඩ ඇති බැවින්, හැකි ඉක්මනින් එම කුහරය අලුත්වැඩියා කිරීමට කාර්යමණ්ඩල කටයුතු කරමින් සිටින බවට වාර්තා වේ.  

තායිලන්තයේ බැංකොක් නුවරට මේ වන විට දැඩි වර්ෂා කාලයක් එළඹ ඇති අතර, එය ඔක්තෝබර් මස දක්වා දිවයාමට ඉඩ පවතී.

Peerapon Boonyakiat/SOPA Images/LightRocket/Getty

ඡායාරූප: අන්තර්ජාලය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිකිරීම් අවසන් අදියරේ පසුවන ස්ප්‍රින්ංවැලි Bailey Bridge!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : දිට්වා සුළිකුණාටුවෙන්...

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්!

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති...

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: පසුගියදා පවුලේ වෛද්‍යවරයා කේන්ද්‍ර...

හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අද (28) දින මහජන...