අද (27) දින විදුලි කප්පාදුව පැය 03ක් දක්වා ඉහළ දැමීමට සිදුවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ 03 ඒකකය වසා දැමීමට සිදුවීම මත මෙම තීරණය ගැනීමට සිදුවූ බවයි එම කොමිසමේ සභාපතිවරයා පවසා සිටින්නේ.
මේ අතර, බලශක්ති අමාත්‍ය කන්චන විජේසේකර මහතා අද දින ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ විදුලි උත්පාදනය පවත්වා ගැනීම සඳහා පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලදී ගැනීමට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන් බවයි.
තව ද, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මේ සඳහා අවශ්‍ය දැවිතෙල් සැපයීමට ද එකඟ වූ බව අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩය හරහා පවසා සිටියේය.
වාශ්ප කාන්දු වීමක් මත නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ වසා දැමූ ඒකකය යළි විවෘත කිරීමට දින 03 – 05 පමණ ගතවනු ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
MIAP