නීති විරෝධී ලෙස ගෙන ආ රන් තොගයක් රේගුවෙන් අල්ලයි !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රුපියල් මිලියන 123ක් ලෙස තක්සේරු කර ඇති මුළු බර කිලෝග්‍රෑම් 6 ක් පමණ වන රන් බිස්කට් 30ක් හා රන් ආභරණ තොගයක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත. ඩුබායි සිට පැමිණි FZ 569 හා UL 226 දරන ගුවන් යානාවලින් මෙරටට පැමිණි ගුවන් මගීන් 04 දෙනෙකු මෙලෙස නීති විරෝධීව මෙරටට මෙම රන් තොගය ගෙනැවිත් තිබේ.

ඒ අනුව, කාන්තාවන් 3 දෙනෙක් හා එක් පිරිමි පුද්ගලයෙක් මෙම නීති විරෝධී ක්‍රියාවට සම්භන්ධවී සිටින බව සඳහන් වන අතර , රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කරන්නේ, මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...

එක්සත් රාජධානියෙන් ලැබුණු ආර්ථික වාසිය – ඇඟළුම් කර්මාන්තයට නව ප්‍රවේශයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවෙන් සිදුකෙරෙන ආනයන වෙනුවෙන් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා...