කොරියානු භාෂා විශේෂ පරීක්ෂණයට දින වෙන් වේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය සඳහා අයදුම්පත් නිකුත් කිරීම 2023.10.04 දින සිට 2023.10.06 යන දින 03හි නිකුත් කිරීමට තීරණය කර ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් නිකුත් කරන බව,විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන අතර, කොරියානු මානව සම්පත් අංශය විසින් පවත්වන මෙම විභාගය සඳහා ඉදිරිපත් වීමට සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk හි පළකර ඇති බව සඳහන් කරයි.

මෙම වසරේ නොවැම්බර් මාසයේදී පරිගණක ආශ්‍රිතව මෙම විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර නිශ්පාදන, ඉදිකිරීම් හා ධීවර යන ක්ෂේත්‍රවලට අදාළව මෙම විශේෂ කොරියානු භාෂා පරීක්ෂණය පැවැත්වෙනු ඇත.

දකුණු කොරියාවේ වසර 4 මාස 10 ක කාලයක් සේවය කර නියමිත ගිවිසුම් කාලය අවසන්වීමෙන් පසු මෙරටට පැමිණ යළි දකුණු කොරියාවේ සේවය සඳහා යාමට කැමැත්තක් දක්වන වයස අවුරුදු 18-39 අතර ශ්‍රි ලාංකිකයින්ට මෙම විභාගයට අයදුම් කළ හැකි බව, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...