*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

අපි යළිත් ප්‍රගතිශීලී බලවේගයක් ලෙස නැගිටින්න ඕනේ – සජිත්

කොළඹ LNW:අප රට සෑම අතකින්ම අභියෝග රැසකට මුහුණ දී ඇති බවත් මේ තුළින් අසරණ වන්නේ අතිමහත් බහුතර ජනතාව බවත් වත්මන් දේශපාලන ක්‍රියාවලිය තුළ සමගි ජන බලවේගයේ අරමුණ වන්නේ රට වෙනුවෙන් ජයග්‍රහණය කර රට දිනවීමට කටයුතු කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බහුවිධ ගැටලුවලට මුහුණ දී ඇති ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසදුම් ලබා දීමේ දී නායකත්වය ලබා දෙන අතර ජනතා ප්‍රශ්න විසඳීමේ ක්‍රියාවලියට දායකත්වය ලබා දෙන බවත් මේ වැඩපිළිවෙළ හා දර්ශනය තුළ රට දිනවිය යුතු බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (28) වැල්ලම්පිටියේ දී කොලොන්නාව ආසන ක්‍රියාකාරීන් සමඟ පැවැති හමුවකදීය.

මේ ක්‍රියාවලිය එක් අයකුට කළ නොහැකි හෙයින් සියලු දෙනාම සක්‍රීයව දායක විය යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.

රටේ ඇති වැදගත් බලවත් දේශපාලන බලවේගය වන්නේ සමගි ජන බලවේගය බවත් කඩාකප්පල් කිරීම හෝ ප්‍රශ්න ඇති කර දේශපාලන ජයග්‍රහණ ලබා ගැනීම නොව ප්‍රගතිශීලීව කටයුතු කර රටටත් ජනතාවටත් ධනාත්මක විසදුම් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

යෞවනයන්ට සමාජයේ අභිමානවත් ජීවිතයක් ගත කිරිමට අවස්ථාව ලබා දී තරුණයන් සවිබල ගැන්විය යුතු බව කියාසිටී ප්‍රේමදාස මහතා තරුණයන් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර තරුණයන් සවිබල ගැන්විය යුතු බවත් කාන්තාවන් විශ්‍රාමිකයන් ඇතුලු ජන සමාජයේ සෑම කොට්ඨාසයක්ම මුහුණ දෙන ගැටලුවලට විසදුම් දිය යුතු බවත් මැතිවරණ පසුබැමකට ලක් වුව කියා මේවා නොසලකා හැරිය නොහැකි බවත් පැරණි යල්පැනගිය ක්‍රමවේද අනුගමනය නොකරන බවත් හෙතෙම තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

සමගි ජන බලවේගයට සෘණාත්මක නොව ධනාත්මක ප්‍රගතිශීලී ප්‍රතිපත්තියක් ඇති බවත් එම නිසා ඉදිරියේ ප්‍රධානතම ප්‍රගතිශීලී බලවේගයක් බවට පත්විය යුතු බවත් පසුබැමකට ලක් වුවත් නැවත ගොඩනැගිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan