මුළු රටේම මන්දපෝෂණය නෑ. සමහර ප්‍රදේශවල දරුවන්ට පෝෂණ ඌනතා ඇති – ගීතා

Date:

මුළු රටේම දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන්නේ නොමැති නමුත් යම් යම් ප්‍රදේශවල පෝෂණ ඌණතාවන් ඇති දරුවන් සිටින බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

ප්‍රශ්නය – ඔබතුමිය විශ්වාස කරනවාද මන්දපෝෂණය තියන ළමයි මේ රටේ ඉන්නවා කියලා ?

“ඔබතුමා වගේම තමා මමත්. මටත් ඇහිච්ච දේවල්. එතකොට අපි යමක් ඇහුණාම ඒ පිළිබඳ සොයාබලන්න ඕනෑ. මට කියන්න බෑ, මුළු රටේම මන්දපෝෂණයෙන් පෙළෙන අය නෑ කියන එක මම විශ්වාස කරනවා. නමුත් කිසියම් ප්‍රදේශවල සමහර දරුවන් ඉන්නවා, ඒ වගේ අයට යම් පෝෂණ ඌණතාවයක් ඇති. ඉතින් ඉක්මනින්ම අපි කඩිනම් පියවරක් ගන්න ඕනෙ ඒක වෙනුවෙන්”

රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (27) කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඳානේ වෙඩි තැබීමක්: දෙදෙනෙකුට තුවාල!

අද (03) දින කඳාන පොදු වෙළඳ සංකීර්ණය අසල සිදුවූ...

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...