ගම් වදින වන අලි එළවන්න වසරකට රුපියල් කෝටි 280ක වියදමක් !

Date:

ගම් වදින වන අලින් පළවා හැරීම සඳහා අවශ්‍ය අලි වෙඩි මිලදී ගැනීමට වාර්ෂිකව රජයට රුපියල් කෝටි 280ක වියදමක් දැරීමට සිදුව ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

වසරකට අලි වෙඩි ලක්ෂ 14ක් අවශ්‍ය වන අතර දේශීය ගිනිකෙළි කර්මාන්තකරුවන්ගෙන් ඒවා මිලදී ගන්නා බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එසේ මිලදී ගන්නා අලි වෙඩි, වන අලින් ගම් වදින අවස්ථාවල ඔවුන්ව පළවා හැරීම සඳහා ජනතාවට නොමිලේ ලබාදෙනු ලැබේ.

මේ අතර, දැනට රටේ පවතින අමුද්‍රව්‍ය මිල ඉහළ යාම අනුව අලි වෙඩි සඳහා දැනට වැයකිරීමට සිදුව ඇති වියදම ඉදිරියේදී තවත් ඉහළ යනු ඇති බවත් වනජීවී නිලධාරීන් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇති බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...

පන්දු ඕවර් අඩු වෙයි – ලකුණු මදි වෙයි – ශ්‍රී ලංකාව ඉවතට වීසි වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ආසියානු කුසලාන පන්දු ඕවර්...

ලෝක බැංකුවෙන් මෙරටට තවත් වටිනා අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW ලෝක බැංකුව...

ස්ව්භාවික ව්‍යසනය සමඟ රටේ ආර්ථික වර්ධනයට සිදුවන්නේ කුමක්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...