*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාව හාවුන්ට ඇද නේපාල ඉබ්බාට පැරදෙයි

මාල දිවයිනේ පැවත්වෙන දෙවන දකුණු ආසියානු කාන්තා පැසි පන්දු සූරතාවලියේ සූරියන් ලෙස සිය කිරුළ රැක ගැනීම සඳහා තරග වැදි ශ්‍රී ලංකාව ඊයේ නේපාලය වෙතින් පරාජය ලැබුවා.ඒ ලකුණු 49 – 55 ක් ලෙසයි.මෙවර තරගාවලියේ දත්ත වාර්තා සසඳමින් ශ්‍රී ලංකාවට තරගයෙන් තරගයට කණ්ඩායම්වල දක්ෂතා සාපේක්ෂව සැළකිල්ලට ගැනීමේ වැදගත්කම භූතානයට එරෙහි ජයග්‍රහණය ඉදිරියේ දී LNW ඊයේ සඳහන් කළා. https://sinhala.lankanewsweb.net/09/27/29224/

අද ශ්‍රී ලංකාව මාල දිවයින හමුවන්නේ නේපාලයට පරාජය වූ කණ්ඩායමක් හැටියටය.එය ශ්‍රී ලංකා කණ්ඩායමට යම් ආකාරයක මානසික පීඩනයක් වුව ද,ඊයේ තරගයම තමන්ගේ ක්‍රීඩා රටාව දෙස අවධානය යොමු කළහොත් මාල දිවයිනට එරෙහි ජයග්‍රහණයක් දක්වා යාම ශ්‍රී ලංකාවට අසිරු නැහැ.
තරගය පළමු අර්ධයේ නොසළකා හැරීම ශ්‍රී ලංකා කණ්ඩායම වෙතින් සිඳු වූ විශාලතම අඩුපාඩුව වුණා.ඉතිහාසය හා සසඳද්දී නේපාලයට වඩා ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමහාවාගේ බූමිකාවට පිවිසුණා.ඉබ්බාට නිදහසේ හැසිරෙන්නට දී පසුව පහසුවෙන් ඔවුන් ඉක්මවා යා හැකිදැයි සිතුවාද යන තරමට ශ්‍රී ලංකාව මුල් අර්ධයට අයත් කාර්තු දෙකේ නේපාලයට පීඩනයක් එල්ල කිරීමට අසමත් වුණා.

ඒ නිසා තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු සටහන 32 – 21 ලෙස තබා ගන්නට නේපාලය සමත් වුණා.ඒ මුල් කාර්තුවේදී 15 – 12 සහ දෙවන කාර්තුවේදී 17 – 9 ක් ලෙස එකතු වූ ලකුණු අනුවයි.නමුත් අවසාන අර්ධයේ කාර්තු දෙකේදීම ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියා.නේපාලයට පීඩනය ඇත් කළා.ඒ ලකුණු 12 – 11 සහ ලකුණු 16 – 13 ක් ලෙසයි.නමුත් තරගයේ පළමු අර්ධයේ ඉදිරියෙන් සිටි නේපාලයේ ජයග්‍රාහි මානසිකත්වය නිසාමත්,ජයග්‍රහණය සඳහා හඹා ගොස් ලකුණු සටහනේ පෙරමුණට ඒමේ අවශ්‍යයතාවය විසින් ඇති කළ පීඩනයත්,එයින් ඇති කළ නොසන්සුන්කමත් ශ්‍රී ලංකාවට මුලදී ලද පරාජය ජයග්‍රහණයක් කරා හරවන්නට අසමත් වුණා.


කෙසේ වුවත් නේපාල කණ්ඩායම සිය දැල රැක ගැනීමේ ආරක්ෂක ක්‍රියාවේ ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටියා.ඒ නිසාම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතින් පන්දුව බොහෝ විට නේපාල ක්‍රීඩිකාවන් අතට පත් වුණා.එසේම පන්දු හුවමාරු කර ගැනීමේදීත් ශ්‍රී ලංකාවෙන් එම දුර්වලකමම ප්‍රදර්ශනය වෙනු දකින්නට ලැබුණා.භූතානයට වඩා නේපාල ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට උසෙන් ද සමාන වීම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ උස වරප්‍රසාදයක් බවට පත් වුණේ නැහැ.පන්දුව පැසේ වැදි ආපසු එන මොහොතේදී එය ලබා ගැනීමට කටයුතු කිරීමේදී ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතින් අතපසුවිම් බලාපොරොත්තු නැති මට්ටමෙන් සිඳු වුණා.

නමුත් අද තරගයේදී ශ්‍රී ලංකාව මාල දිවයින ඉදිරියේ දකුණු ආසියාතික කාන්තා කුසලානයේ රැජිණන් හැටියට යළි සිය ස්ථාවරය තහවුරු කරන්නේනම් තරගාවලිය විවෘත තරගාවලියක් බවට පත් වෙනවා.එහිදි ශ්‍රී ලංකාව,නේපාලය සහ මාල දිවයින යන කණ්ඩායම් තුනම එක් පරාජයක් සහිත කණ්ඩායම් බවට පත් වෙනවා.එහෙත් අද මාල දිවයින තරගයට එන්නේ තමන්ට පරාජය වූ නේපාලය වෙතින් පරාජය ලැබූ ශ්‍රී ලංකාව කියන හැඟීමෙන් වන අතර ඔවුන් දකුණු ආසියානු දැල්පන්දු කිරුළේ හිමිකාරියන් සමඟ ගැටෙන බව සිතා අනවශ්‍යය පීඩනයක් ඇති කර නොගන්නා බව විශ්වාස කළ හැකියි.එම සැහැල්ලුවම තමන්ගේ කිරුළ ඩැහැ ගැනීමේ උත්සාහයට ආක්‍රමණික ස්වභාවයකින් නැගී සිටීමකින් වෙනස් කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි විය යුතුයි.

සෑම ප්‍රතිවාදියෙක්ම පරාජය කිරීමේ උවමනාව ඔවුන් තමන් සමඟ තරඟ වැදෙන හැටි ගැන සිතීමෙන්ම සාක්ෂාත් කර ගැනීමට නොහැකියි.ඔවුන් අනෙකා හා සටන් වඳින ආකාරයද සැළකිල්ලට ගෙන තරගයේ ජය සඳහා පූර්ව සැළැස්මක් සකසා ගැනීම වැදගත්.ශ්‍රි ලංකා පැසි පන්දු සම්මේලනය ජයග්‍රහණය පමණක් නොවේ පරාජය ද ජයග්‍රහණයේම සෙවනැල්ල බව සිතා ඒ සම්බන්ධයෙන්ද විග්‍රහයක නියැලිය යුතුයි.නමුත් අද උදෑසන වන විට ජයග්‍රහණයක් වාර්තා කරන ආකාරයෙන් ශ්‍රී ලංකා පැසි පන්දු සම්මේලනය පරාජයේ දත්ත ඉදිරිපත් කරන්නට සිය මුහුණු පොතේ ඉඩ වෙන් කර තිබුණේ නැහැ.

ජයග්‍රහණයට සව්දිය පුරන්නට හවුල්කරුවෙක් වනවාට වඩා පරාජයේදී නැඟී සිටින්නට වාරුවක් වීම අපේ සම්ප්‍රදාය බැවින් ප්‍රතිවාදියාට සාපෙක්ෂව තරගය සැළසුම් කර ජයග්‍රහණය කරා යන ලෙස අප ශ්‍රී ලංකා පැසි පන්දුවට යෝජනා කරන අතරේම සිය කිරුළ රැක ගැනීමට සිය උපරිම ශක්තියෙන් කැප වෙන්නට හැකි වේවා යනුවෙන් ආශිර්වාද කරනවා.
මාල දිවයින නේපාලයට පරාජය වූවා කියා,නේපාලයට පරාජය වූ ශ්‍රී ලංකාව මාල දිවයිනට පරාජය විය යුතුය කියා නියමයක් නැහැ.ශ්‍රී ලංකා ක්‍රිඩිකාවනි ඔබට එය වෙනස් කළ හැකියි.එසේම පැසි පන්දු සම්මේලනයේ ප්‍රධානින් ද සැළකිය යුතු දේ නම් රටක් හැටියට ඉදිරිපත් වීමේදි අප ජාතික තරගවලදි වඩා හොඳම ප්‍රතිපල ලැබෙන ආකාරයට තරඟ පැවත්විය යුතු බවයි.එය තමන්ගේ රුචිකත්වය අනුව කණ්ඩායම්වලට අවසාන වටයට එන ලෙස සකස් කරන සැළසුම්වලින් බැහැරව සිඳු කරනවානම් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් පෙළ ගැස්මේ අවසානයට හිටගන්න වෙන්නේ නැහැ.

ශ්‍රී ලංකා පැසි පන්දු ගැන උනන්දුවක් දක්වන අයට මෙම සම්පූර්ණ තරගය පහත සබැඳියෙන් නැරඹිය හැකියි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan