අනුරාධපුරයේ පැවති රැළියට නොදෙවෙනි රැළියක් ගැන ඩී.වී චානකගෙන් ඉඟියක්!

කොළඹ LNW:පසුගියදා අනුරාධපුරයේ පැවති රැළියට නොදෙවෙනි රැළියක් පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසයි. එම රැළිය මගින් වත්මන් ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරන ලෙස බල කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.

තවද නාමල් රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි ආදරය කරන ජනතාව විශාල පිරිසක් රට තුළ සිටින බවත් නාමල් රාජපක්ෂ මහතා සිරගත කිරීමට උත්සාහ කළද ඔහු වෙනුවෙන් ජනතාව එක්රැස් වෙමින් සිටින බවත් ඩී.වී. චානක මහතා සඳහන් කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

“අනුරාධපුර රැළියට නොදෙවෙනි රැළියක්, මේ ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු ඉටු කරන මෙන් බල කරන රැළිය පැවැත්වීම සඳහාත් අපි සාකච්ඡා කළා අද. නාමල් රාජපක්ෂ මහතාට සහ මහින්ද රාජපක්ෂ මහතාට ආදරය ජනතාවක් තමයි රටේ ඉන්නේ. 2029 දී අනුර කුමාර දිසානායක මහත්තයව පරාද්දන නාමල් රාජපක්ෂව සිරගත කරන්න උත්සහ කරද්දි අද රටේ ජනතාව එකතු වෙනවා ඔහුව ආරක්ෂා කරගන්න. ඒ වැඩපිළිවෙල තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 ඉවරයි දැන් මාතෘකාව IMF යනවද නැද්ද?

උපාලි කොළඹගේකොළඹ LNW:ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසදෙවැනි සංශෝධනය සම්මත වී දැන්...

විදේශ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : විදේශ ශ්‍රමිකයන් සඳහා...

ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍ර නඩුව ඔක්තෝබර් 12 දාට…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් , කොළඹ LNW : අවිධිමත් රාජතාන්ත්‍රික...

ක්‍රිෂ් ගනුදෙනු නඩුව : සිව්වැනි විත්තිකරු ලෙස නාමල් නම් කෙරේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ඉන්දියානු නිවාස සංවර්ධන...