22 ඉවරයි දැන් මාතෘකාව IMF යනවද නැද්ද?

උපාලි කොළඹගේ
කොළඹ LNW:ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසදෙවැනි සංශෝධනය සම්මත වී දැන් එය නීතියක් බවට පත්වී හමාරයි. විපක්ෂයට දැන් වෙනත් මාතෘකාවක් කරේ තියාගන්න ඕන වෙලා තියෙනවා. ඒකට හොඳම එක තමයි IMF එක. IMF යනව නම් රට පාවලා දෙනවා කියලා ඒකට විරුද්ධ වෙන්න පුළුවන්. නොයනව නම් ආණ්ඩුවේ අසාර්ථකත්වය කියලා ඒකටත් විරුද්ධ වෙන්න පුළුවනි. මෙහෙම තමයි දැන් ඇතිවෙලා තියෙන අලුත්ම තත්ත්වය.

නමුත් පෞද්ගලිකව මම නම් කැමති IMF යනවට. මොකද ඒකට හේතුව අපේ රටේ මුදල් කළමනාකරණය පිළිබඳව ඇත්තටම සෑහීමකට පත් වෙන්න තරම් තත්ත්වයක් නැහැ. ඊට හැකියාව තියෙන වෘත්තිකයන් ගොඩදෙනෙක් ඉන්නවායි කියලා හිතන්න අමාරුයි. ඉඳලා හිටලා එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. නමුත් මුදල් කළමනාකරණයට උඩින් ඉඳන් බලාගන්න පිරිසක් අවශ්‍යයි. එහෙම නොවුනොත් යළිත් රට කඩා වැටෙන්න පුළුවන්. හොඳම වැඩේ තමයි තවත් වසර කිහිපයක් IMF එක සමග සෘජු සම්බන්ධතා පැවැත්වීමත් ඊට පසුව ඒගොල්ලන්ගේ උපදේශකත්වය ලබා ගැනීමත්. එහෙම නැතුව සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ව හලලා යළිත් නරක තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. ඒක නිසා මා යළි යළිත් කියන්නේ IMF එකත් එක්ක යන එක තමයි මේ වෙලාවේ හොඳම උත්තරය.

දැන් කොහොමද? අධිකරණ ඇමතිගෙ ලොකු අප්පච්චි ගහලා තියෙන කරණම. දැන් එයා බොහාම ආණ්ඩුවේ ක්‍රියා මාර්ගය පසසනවා. හැබැයි මං කියන්නං IMF නොගියොත් වෙන දේ. මේගොල්ලත් දේශපාලනඥයෝනේ මිනිස්සු කියන ඉල්ලීම්වලට නැමෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම දැන් ජන්දෙකුත් එනවා. හැබැයි තව අවුරුදු කීපයකින් .

ඉතින් ඒ හින්දා මේගොල්ලන්ට සිද්ධ වෙනවා ජනතාව සතුටු කරන්ඩ එතකොට මොකද වෙන්නේ අර කටු සුනියා න්‍යායට යන්න තමයි වෙන්නේ. ඉතින් එහෙම කරොත් ඒක ඉදිරියට බලපාන්නේ කොහොමද කියන එක අපිට හිතාගන්න පුළුවන්. මොකද අපි දැන් අවුරුදු ගණනාවක් මේ කටයුතු දිහා බලාගෙන ඉඳලා තියෙනවනෙ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුරයේ පැවති රැළියට නොදෙවෙනි රැළියක් ගැන ඩී.වී චානකගෙන් ඉඟියක්!

කොළඹ LNW:පසුගියදා අනුරාධපුරයේ පැවති රැළියට නොදෙවෙනි රැළියක් පැවැත්වීම සම්බන්ධයෙන්...

විදේශ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : විදේශ ශ්‍රමිකයන් සඳහා...

ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍ර නඩුව ඔක්තෝබර් 12 දාට…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් , කොළඹ LNW : අවිධිමත් රාජතාන්ත්‍රික...

ක්‍රිෂ් ගනුදෙනු නඩුව : සිව්වැනි විත්තිකරු ලෙස නාමල් නම් කෙරේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ඉන්දියානු නිවාස සංවර්ධන...