*
Friday, May 9, 2025
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 09/28

  1. “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලබා දීමට නියමිත කාල සීමාවක් නොමැති” බව පවසමින් එම අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) රජයේ බලාපොරොත්තු බිඳ දමයි: මීළඟ වාරිකය, රටේ තිරසාර ප්‍රතිසංස්කරණ සහ ණය වැඩසටහනේ ප්‍රගතිය මත රඳා පවතිනු ඇති බව ද පවසයි: තම අඛණ්ඩ පැවැත්ම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මත පමණක් යැපෙන රජය හමුවේ මෙය විශාල පසුබෑමක් බව විශ්ලේෂකයෝ පවසති.
  2. රටේ ආර්ථික අර්බුදයට ඇති “එකම විසඳුම” ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් වෙත යොමුවීම බවට ඉකුත් වසරේ සපථ කළ ආර්ථික විශ්ලේෂකයන් කිහිප දෙනෙක් වර්තමානයේ මතුව ඇති අර්බුදයට හේතු ඉදිරිපත් කරති: “විනිවිදභාවයේ ජාත්‍යන්තර ප්‍රමිතීන්” අනුගමනය කරමින් ශ්‍රී ලංකාව සිය බදු ක්‍රමය වැඩිදියුණු කළ යුතු බව Advocata ආයතනයේ ධනනාත් ප්‍රනාන්දු පවසයි: විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රධානතම ප්‍රශ්නය වන අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ චීන සංචාරය තුළින් මීට අදාළව ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව ආර්ථික විද්‍යාඥ තලාල් රාෆි පවසයි; මෙම පසුබෑම ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ දැඩි කිරීමට රජයට බල කරනු ඇති බව ද පවසයි.
  3. 2023 ජූලි මාසට සාපේක්ෂව 2023 අගෝස්තු මස වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ඉපැයීම් 6.8% කින් (මාසයෙන්-මාසයට) ඇ.ඩො. බිලියන 1.09 දක්වා වැඩි වී ඇති මුත් 2022 අගෝස්තු මසට සාපේක්ෂව වසරින්-වසර (YoY) 10.91% කින් අඩු වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
  4. ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යූහගත කිරීමේ නීති ඉදිරි සති දෙක තුළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
  5. රජයේ වෛද්‍යවරුන් ප්‍රමුඛ වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස හමුවට: බදු සහන ඇතුළු තම ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කරයි: සිය බදු ප්‍රතිපත්තියේ යෝග්‍ය වෙනස්කම් සිදුකිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට බලය ලබා දී ඇති බැවින් වෘත්තිකයන්ගේ ඉල්ලීම් විසඳීමට පියවර ගත යුත්තේ රජය විසින් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් තමාට දැන්වූ බව පවසයි.
  6. 2023 වසර තුළ ශ්‍රී ලංකා බැංකු අංශයට සේවකයන් 10,000ක් පමණ අහිමි වන්නට ඉඩ ඇති අතර, ඉන් සැලකිය යුතු පිරිසක් සංක්‍රමණය වී ඇති බව හැටන් නැෂනල් බැංකුවේ කලමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් පවසයි: පුරප්පාඩු පිරවීම සඳහා බැංකුවලට දැන් දැවැන්ත බඳවා ගැනීමේ කටයුතුවලට යොමු වීමට සිදුව ඇති බව ද පවසයි.
  7. ඉකුත් වසරේ 7% කින් සහ 2023 පළමු කාර්තුවේ දී 11% කින් හැකිලී ගිය රටේ ආර්ථිකය තවදුරටත් පහතට ඇද වැටෙන බව ප්‍රසිද්ධ මානව හිමිකම් ක්‍රියාකරුවකු වන ජෙහාන් පෙරේරා පවසයි: භාණ්ඩ හිඟය සහ පෝලිම් බොහෝ දුරට අඩුව තිබෙන්නේ ආර්ථික කාර්ය සාධනය ඉහළ යාම නිසා නොව, මිනිසුන්ට වියදම් කිරීමට ඇති මුදල් ප්‍රමාණය අවම වීම නිසා බව පෙන්වා දෙයි.
  8. වෛද්‍යවරුන් රට හැර යන්නේ ඉහළ ගිය බදු නිසා නොව ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම. මහින්දානන්ද අලුත්ගමගේ පවසයි: කෙසේවෙතත්, ප්‍රධාන වශයෙන්ම රජය විසින් මෙම වසර මුල දී බදු ඉහළ දැමීමෙන් පසුව සුදුසුකම් ලත් වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාම නිරීක්ෂණය කළ හැකි වූ බව විශ්ලේෂකයෝ පවසති.
  9. ශ්‍රී ලංකාවේ ලිංගික වෘත්තියේ යෙදෙන පුද්ගලයන් නීති විරෝධී රඳවා තබා ගැනීම සහ කුරිරු, අමානුෂික සහ අවමන් සහගත සැලකීම් ඇතුළු මූලික අයිතිවාසිකම් කඩවීම්වලට මුහුණ දෙන බව අභිමානී කාන්තා සාමූහිකයේ නියෝජිතයෙක් පවසයි.
  10. දේශපාලන විසම්මුතිය යටපත් කිරීමේ අරමුණින්න මාර්ගගත ආරක්ෂණ නීතිය බලාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීන වූ පා.ම. මහාචාර්ය ජී.ඇල්. පීරිස් පවසයි: නව මාර්ගගත ආරක්ෂණ නීතිය සහ ත්‍රස්ත විරෝධී නීතියේ ප්‍රතිඵලයක් ලෙස වික්‍රමසිංහ-රාජපක්ෂ රජය සමඟ කිසියම් ගනුදෙනුවක් පැවැත්වීමේ දී ආයෝජකයන් ප්‍රවේශම් විය යුතු බව ද පෙන්වා දෙයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan