Wednesday, December 6, 2023
spot_img

Latest Posts

දලකාරයන්ගේ දල පැටලුම් හැර පය පැටලුම් ලිහා ගමු

ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව පාපන්දුය.ඒ නිසාම එහි අති විශාල මුදලක් ගැවසෙයි.ක්‍රීඩකයෝ යහපත් ජිවිතයක් ගත කරති.නමුත් ශ්‍රී ලංකාවේ පාපන්දු ජනප්‍රියම ක්‍රිඩාව නොවේ.එමෙන්ම පාපන්දු ක්‍රීඩකයෝ ධනවතුන් ද නොවෙති.තවත් ආකාරයකින් සැප පහසුකම් සහිතව ඉහළ අධ්‍යාපනයක් ලැබීමට හැකි පිරිස් සහිත සමාජ පසුබිම්වලින් පාපන්දු ක්‍රීඩකයින් ද බිහි නොවන තරම්ය.

නමුත් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට විශාල පරිපාලන ගොඩනැඟිල්ලක් ඇත.එවැනි ගොඩනැඟිලි පද්ධතියක් ඇත.පරිපාලන පහසුකම් සුවිශාලය.හැඩය ද වෘත්තීය ස්වභාවයක් ගන්නා අතර පාපන්දු ක්‍රිඩකයා වෘත්තීය වු පසුබිමක ඊට අවශ්‍ය්‍ය පහසුකම් ඒ සමඟ සම්පාදනය වෙමින් තැනෙන එක සාමාන්‍ය තත්ත්වය වුව ද,මෙහි දී තත්ත්වය වෙනස්ය.ලෝකයේ වෘත්තිය මට්ටම ක්‍රීඩකයන්ට එන්න එන්න දුර වෙමින් ක්‍රීඩාවේ දක්ෂතා අනුව වර්ගීකරණයෙන් පහතට ගමන් කරන විට පරිපාලන පහසුකම්වලින් ඉහළට ගමන් කරයි.

මේ තත්ත්වය නිරීක්ෂනය කරද්දි පාපන්දු පරිපාලනයට පාපන්දුව පාලනය කිරීමට ඇති භෞතික පහසුකම් තරමට ක්‍රිඩා පිටියේ දකින පාපන්දු පොහොසත් නැති බව අපි තේරුම් ගත යුතු වන්නෙමු.සමස්ත ක්‍රීඩාවේ හැසිරීම තීරණය කරන ඉහළ පරිපාලනය ද මේ පහසුකම් ඉහළින් පෙරී පහළට පිට්ටනියට වැටෙන ආකාරය සම්බන්ධයෙන් සැළසුම් සොයන්නේ නැත.අගමැතිවරුන්ගේ නමින් ජාත්‍යන්තර සංදර්ශන,මැති ඇමතිලාගේ නමින් පාපන්දුව ගාව ගෙන නටන ජෝගිවලට සහය වීම ආදී කරුණු මත ගෙවෙන පාපන්දු පරිපාලන ජීවිත පාපන්දුවේ සැබෑ හිමිකාරයන් වන ලංකාවේ පහළ මධ්‍යම පාංතික ප්‍රජාව, සමාජ දේශපාලන වශයෙන් වෙනස් කළ හැකි ජාතික නායකත්වයක් ක්‍රීඩාව හරහා සැපයිය හැකි බව තේරුම් ගත යුතුය.

මෙය අපි පාපන්දුවේ ඉදිරි දැක්මට හේතු පාඨයක් ලෙස සටහන් කර තබන්නේ තව දින දෙකකින් ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය පැවත්වෙන බැවින්ය.එය මේ මොහොතේ අතිශයින් වැදගත්ය.දේශපාලන අතපෙවීම් හැටියට සළකා ශ්‍රී ලංකාවේ පාපන්දු ජාත්‍යන්තර වශයෙන් තහනම් කර තිබී නැවත ඉපැදෙන මොහොතය.එම තහනම ගැන අපට බොහෝ දේ කිව හැකිය.නමුත් වැදගත් තහනම් වූවේ සහ තහනම ඉවත්වීමේදී සළකා බැලුණ කරුණු අතර ප්‍රධාන තැන හිමි වූයේ දේශපාලන මැදිහත්වීම්වලින් තොරව රටේ ක්‍රීඩාව පැවතිය යුතුය කියන සංකල්පයටය.

තහනමට පෙර ගැටළුකාරි නිලවරණයට පෙර පරිපාලනමය ගැටළු විශාල ප්‍රමාණයක් පෙන්වා දුන්න ද,එය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ අවධානයට ලක් වන තුරුම රටේ සාමාන්‍ය නීතියෙන් පියවර ගැනීමට තිබෙන ඉඩවත් නොසළකා ක්‍රීඩා අමාත්‍යවරු (නාමල් රාජපක්ෂ සහ රොෂාන් රණසිංහ) නොසළකා හැරියහ.චෝදනා නැඟෙද්දී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා කළේ සභාපතිවරයා සමඟ රට රටවල සැසිවලට යාම සහ දිය පියාගේ නමින් විශාල ජාත්‍යන්තර තරගාවලියක් සංවිධානය කර එහි සමහර අංශවලට සිය මාමාගේ ව්‍යාපාරද ඇතුළත් කිරීමය.වැදගත් ක්‍රීඩාවට සම්බන්ධ ව්‍යාපාරිකයෙක් වුව ද,ඒවා දේශපාලනය සමඟ පැටලීම සමඟ පළුදු වීම සාමාන්‍ය තත්ත්වයය.

කෙසේ හෝ නාමල් තනතුර හැර ගියාට පසුවද මහා විශාල වෙනසක් සිදු වූයේ නැත.ජස්වර්ට වඩා තමන්ට සමීප අයෙක් එනතුරු රොෂාන් රණසිංහ ඉවසා සිටියේය.අවසානයේ රටේ නීතිය අනුව හැසිරුණේ නැති බවට චෝදනා සහිතව සැක පිට රිමාන්ඩ් භාරයට පත්වන මට්ටමේ කෙනෙක් සොයා ගෙන ජස්වර්ට පයින් ගසන්නට රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ක්‍රීයා කළේ ලංකාවේ ක්‍රීඩා රාජ්‍යයේ තමන්ට ඉහළින් කිසිවෙක් නොමැති බව හැඟවෙන අන්දමේ ශෛලියකින්ය.එවිට ඊට ඉහළින් ලෝකය තිබෙන බව පැහැදිළි කරමින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සමඟ සාකච්ඡා කර එකඟ වී තිබූ තත්ත්වයන් නොසළකා හැරියේය.මේ නිලවරණයට පිවිසීමේදී ඒ ක්‍රියාත්මක නොකළ දේ සිඳු කරන බවට ක්‍රිඩා අමාත්‍යවරයාට ගැසට් නිවේදනයකින්ම කියන්නට විය.
පාපන්දු තහනම ලිහී තිබෙන්නේ ඒ ආකාරයටය.අමාත්‍යවරයා හදන්නේ වේවැල පාවිච්චි කරන්නට ඇති ඉඩ පළල් කරගෙන තමන්ට දිගට හරහට පහර දිය හැකි වටපිටාවක් හදා ගන්නටය.ඒ වෙනුවට ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වල නීතිය හොඳින් අවබෝධ කරගෙන ජාතක වැඩ පිළිවෙලකට ගොස් පලය ලෙස අපේක්ෂිත වැඩ කොටස් පියවරෙන් පියවර සකසා ක්‍රීඩා පරිපාලනවලින් ඒ ගුණාත්මක ප්‍රතිපල අපේක්ෂිත ජාතික වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් සකස් කළ යුතුය.මේවා තමන්ට අත පොවන්නට තියෙන ඉඩ පළල් කළ හැකි නීති සකසා වෙනස් කළ නොහැකිය.ක්‍රීඩා ඇමතිවරයා වේවැල වෙනුවට මිත්‍රශීලීත්වය ප්‍රමුඛ වූ පොදු වැඩ සැළසුමක අපේක්ෂිත පල සමඟ ක්‍රීඩා සංගම් පාහා ගැනීම වැදගත්ය.

එතෙක් සිඳුවන්නේ දෙපසකට හෝ පැති කිහිපයකට වී ක්‍රිඩාවට රණ්ඩු ඇල්ලීමය.ලෝකයෙන් තහනම් වී තිබීම ඉවත් කරගෙන නිලවරණයට යන අවස්ථාවේ මේ නිලවරණයේ අපේක්ෂකයන්ව ඉදිරිපත් වී සුදුසුකම් රහිතව ඉවත් වන්නට සිඳු වූ පිරිසක් ද ඇත.ඒවා යම් යම් අයථා බලපෑම් මත ඉවත් වූ බව කියා පලක් නැත.පෙන්වා දෙන්නේ කුමන හෝ නීතිමය පසුබිමක් මත නුසුදුසු බවය.එම කියන කරුණට පදනමක් නැතිනම් නීතියේ ප්‍රතිපාදනද නැතිනම් පමණක් ඊට එරෙහි වීම වැදගත්ය.
දැනට නිලවරණයට ඉදිරිපත් වන පාර්ශවයේ සිටින්නේ ලංකාවේ පාපන්දු සමඟ කාලයක් වැඩ කර අත්දැකීම් තිබෙන අයය.හැබැයි ඒ සියලු දෙනාම එකක් පිළිගත යුතුය.පිට්ටනියේ දකින පාපන්දු පරිපාලනයට ලැබී ඇති පහසුකම්වගට සාපෙක්ෂව අන්ත දුප්පත්ය.ඒ තත්ත්වයට තමන්ගේ ඇති වගකීමෙන් නිදහස් වෙන්නට මෙවර හෝ වැඩ කළ යුතුය.ඒ සඳහා පොළඹවන්නේ සහ සියල්ල එකතු කරගන්නේ කෙසේද යන්න කල්පනාවට ගත යුතුය.

පාපන්දු නිලවරණයට අලුතෙන් එකතු වී ප්‍රතික්ෂේප වූ පිරිස් සඳහා නායකත්වය දුන් පුද්ගලයාට ඒ සඳහා නීතිමය සුදුසුකමක් නැති බව පවසා එම ඉදිරිපත්වීම ප්‍රතික්ෂේප කර ඇත.එසේ කියන්නට හේතුවක් තිබීම සහ එම හේතුව නිලවරණයේදී කොන්දේසියක් වී තිබීම අප පිළිගත යුතුව ඇත.එසේම තව දුරටත් හදාගත් සුදුසුකම් සම්බන්ධයෙන් ද,අනුරාධපුර ලීගයේ තනතුරු සම්බන්ධයෙන් ද තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවර්නගේ නම් ද සබැඳිව තොරතුරු හෙළිදරව් වෙමින් ඇත.ඒ චෝදනාවලින් එකිනෙකාට ගසා ගැනීමේ වෛරී ක්‍රීයාවලියේ පල හැටියටය.

ඇත්තටම ව්‍යාජ හෝ සකස් කර ගත් දත්ත සමඟ පාපන්දු පරිපාලනයට එන්නේ ඇයි?
එක පාපන්දු ක්‍රීඩකයින් දුප්පත් වුව ද විශාල වටිනාකමක් ඇති දේපළක් සහ ජාත්‍යන්තර වශයෙන් මුදල් ගලා එන තැනක් නිසා යන කාරණයත්,ඒ සමඟ ඇති වන ජාත්‍යන්තර සබඳතා සංචාර ආදියත් ප්‍රසිද්ධ කාරණයක්ය.ඒවා මොන පදනමෙන් ඉදිරිපත් වුවත් ඇත්තද මඩ ද යන්න නිවැරදිව සොයා ගැනීමට බැරි,පාපන්දු පරිපාලනයට ඇති පහසුකම්වලට සාපේක්ෂව ක්‍රීඩා කරන්න පහසුකම් නැති වීම නිසා ඇති වි තිබෙන තත්ත්වයය.

නමුත් පාපන්දු පරිපාලනයට එන පිරිස් නිලවරණයෙන් පසුව කණ්ඩායම් හැටියට ගැටෙමින් කාලය කා දැමීම මේ නිලවරණයෙන් පසුව පළමු කොට නවතා දැමිය යුතු සම්ප්‍රදාය වන්නේය.එම දොරවල් වසා නිල බලය හිමි වුණ කණ්ඩායමට ප්‍රතිපත්තිමය වශයෙන් පාපන්දු ගොඩ නැඟීමට උපකාර කළ යුතුය.එසේම බලය ලත් පිරිස ද ප්‍රතිවාදීත්ව බලය ලැබීමෙන් පසු අමතක කර සංවාද කර පොදු යහපත් වැඩ සැළසුමක නියැලිය යුතුය.අපි පාපන්දු පිටියේ දුප්පත් වෙන්න බලපාන බරපතල හේතුවක් වන්නේ පාපන්දුව එකට නොසිටීම යන්නත් මේ නිලවරණයෙන් පසුව අවබෝධ කරගෙන තනතුරු පුටුවලට තරග කරන දලකාරයින් සිය දල නිලවරණයෙන් පසුව පැටලුම් ඇරගෙන දල ඇති සිරුරක තිබෙන මහා දැවන්ත ජවය ලංකාවේ පාපන්දු ඉදිරි ගමන වෙනස් කරන්නට යොදා ගත යුතුව ඇත.පැහැදිළිවම නැවත නිලවරණයක් එන තුරු බලය සඳහා පිල් බෙදුණු සියලු පිරිස් එක කණ්ඩායමක් හැටියට එක්ව පරිපාලනයේ ක්‍රීඩාව සිදු කළ යුතුය.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.