Wednesday, December 6, 2023
spot_img

Latest Posts

කොණ්ඩමයෙන් ධනුෂ්ක බේරෙයි

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ලිංගික බලහත්කාරකම් සිඳු කළ බවට එල්ල වූ චෝදනාවලදි එම කාන්තාව වඩාත්ම තහවුරු කරන්නට උත්සාහ කළේ ධනුෂ්ක ගුණතිලක එම බලහත්කාරකම අතරතුර උපත් පාලන කොපුව ඉවත් කරමින් සිය අතමැත්ත ඇතිව ක්‍රියාත්මක වූ බවය.නමුත් ඇයට එය ඉවත් කළ බව දැන ගන්නට ලැබී ඇත්තේ සිදුවීමෙන් පසුව බව පැවසීම තාර්කික නොවන බව සිඩ්නි අධිකරණය පෙන්වා දෙයි.

එය ඉවත් කළේ කුමන අවස්ථාවකදී ද එසේ නොදැනුවත්ව කළ හැකි ද යන්න මෙන්ම ධනුෂ්ක ගුණතිලක යම් ආකාරයකට අවංක වෙමින් තමා එය පැළද ගැනීමට අකමැති වූ බව මෙන්ම නමුත් ඇයගේ කැමත්තට එය කිසිවිටෙක ඉවත් නොකර ක්‍රියා කළ බව පැවසීම ද අධිකරණයේ අවධානයට ලක් විය.විශේෂයෙන් ඔහු නොමැතිව හැසිරෙන්නට යෝජනා කළ බව කීමට අවංක වීම එහිදී වැදගත් පියවරක් වන්නට ඇත.
ඉතා දුෂ්කර ආර්ථිකමය පසුබිමක සිට ක්‍රිකට් ක්‍රිඩාවට පිවිසි ධනුෂ්ක මේ සියල්ලට සම්බන්ධ වන්නේ ක්‍රිකට් ක්‍රිඩකයෙක් ලෙස ඇති කර ගත් ආර්ථිකමය සාර්ථකත්වය සමඟය.මෙහිදී ක්‍රිකට් ක්‍රීඩා පරිපාලනය අවබෝධ කර ගත යුත්තේ ක්‍රිඩකයෙක්ගේ සියල්ල මුදල් වන තරමට ඔහුගේ සිතුවිලි වෙනස්වීම කළමණාකරණය කිරීමටය.මේ අධ්‍යයනය පාසල් ක්‍රිකට් ක්‍රිඩා පුහුණුකරුවාගේ සිටමත්,පාසලේ ක්‍රිඩා අංහ ප්‍රධානීන්ගේ සිටත් ඇතුළත් විය යුතු ක්‍රීඩාවට අදාළ විශය කරුණක් වන්නේ ක්‍රිකට් පමණක් නොවේ,වෙනත් ක්‍රිඩාවලත් එවැනි ආර්ථික අපහසුකම් සහිත,අවර වරප්‍රසාදිත සමාජ පසුබමිවලින් මතුවන ක්‍රිඩකයින් සමාජයේ වැරදිවලට යොමු වීම වැඩිපුර දකික්නට ලැබෙන බැවිනි.

දැන් මෙහිදී එරට නීතිය අනුව ලිංගිකව එක් වීමේදී සළකා බැලිය යුතු සහ අවධානය යොමු කළ යුතු කරුණු වැඩිහිටියෙක් විදිහට සිඳු කර ඇද්ද නැද්ද යන කාරණය සළකා බැලීම සිඩ්නි අධිකරණය විමසා බලා ඇත.ධනුස්ක වරදකරුවෙක් නොවන්නේ එහිදීය.නමුත් ධනුෂ්ක ලිංගිකව එක් වි ඇති බව,ඇය සමඟ ගිය බව,ඒ වන ිවට ධනුෂ්ක කණ්ඩායම සමඟ ආබාධයක් තිබියදී රඳවාගෙන සිටියේ කුමන හේතුවක් නිසා ද බව යන කරුණු මෙහිදී සැළකිල්ලට ගත යුතුය.පාදයේ ආබාධයක් සහිතව ක්‍රීඩා කරන්නට නොහැකි මට්ටමේ සිටින කෙනෙක් ලිංගිකව එකතු වීමේදී ඔහුට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්නට අවශ්‍යය වන අන්දමට පාදය සුවපත් කර ගැනීමට එම ක්‍රියාව බලපෑමක් ඇති නොකරන්නේ ද යන්නත් මෙහිදී අවධානයට යොමු කළ යුතුය.

එසේම මෙම සංචාරයට කණ්ඩායම් නිලධාරීන් ලෙස එක් වූ,තේරීම් කමිටුව ලෙස එක් වූ අය නිවැරදිව වගකීම් ඉටු කළේනම් ධනුෂ්ක මෙවැනි චෝදනා එල්ල වන වරදකට නිදහසේ යොමුවන්නේ කෙසේ ද යන්නත් විමසා බැලිය යුතුය.ධනුෂ්ක නිදහස් වී ඇත්තේ බලහත්කාරකම් කළ බවට චෝදනාවෙන් පමණි.ඔහු ලිංගිකව එකතු වී ඇත.ඒ සඳහා පිටව ගොස් ඇත.ආබාධයක් නිසා ක්‍රිඩා කරන තත්ත්වයක කණ්ඩායම සමඟ හිඳිමින් කණ්ඩායමේ ක්‍රිඩා කරන ක්‍රිඩකයෙක් විඳින පහසුකම් සියල්ලද භුක්ති විඳිමින් ක්‍රියා කර ඇත. වඩාත්ම වැදගත් මෙවැනි බරපතල චෝදනාවතට ලක්වන ලෙස ඔහුට හැසිරෙන්නට ඉඩ ලැබුණේ කෙසේ ද යන්නය.අපි වෙනස් විදිහකට සිතමු.මේ ආකාරයට අනතුරක් ධනුෂ්කට සිදු විණිනම්.

කණ්ඩායම් කළමණාකාරීත්වය මේ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?ධනුෂ්ක එළියට යන බව ඔවුන් දැන සිටියාද?යන්නේ කාන්තාවක් සමඟ ලිංගිකව හැසිරීමටනම් ඒ සම්බන්ධයෙන් ද අපට ගැටළුවක් නැත.ධනුෂ්කට ඔහුගෙ වයස අනුව ඊට නිදහසක් තිබිය යුතුය.නමුත් ඔහු සිටින්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිටියදී එවැන්නක්ට අවසර දෙන්නට හෝ තවත් කරුණු ගණනාවක් කළමණාකාරීත්වය විසින් සොයා බැලිය යුතුය.වැදගත්ම දේ රටේ සහ රට නියෝජනය කරන ක්‍රිඩකයාගේ ආරක්සාව වෙනුවෙන්ය.ධනුෂ්ක බේරා ගත් ආකාරයටම ලංකාවේ ක්‍රිකට් ද බේරා ගන්නටනම් ආරක්සාව වෙනුවෙන් කටයුතු නොකළ අයට ද ධඩුවමක් එක් විය යුතුය.

සටහන – නිශ්මං රණසිංහ්

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.