සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ලබන මස 5 වැනි දා සිට මහ කන්නයේ වගාවන් සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ කරන බවත්, පළමුවෙන්ම කලා වැව හරහා යෝධ ඇළට ජලය නිකුත් කිරීම ආරම්භ කරන බවත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා සඳහන් කරයි.
මහඉලුප්පල්ලම, කට්ටියාව, කලා වැව, ඉපලෝගම යන ප්‍රදේශවලට මේ හරහා ජලය සැපයෙනු ඇති අතර, නොවැම්බර් 1 වැනි දින සිට මහවැලි අධිකාරියට අයත් සියලුම ප්‍රදේශවලට වාරි ජලය නිදහස් කරන බවද නිලන්ත ධනපාල මහතා වැඩිදුරටත් පැවසීය.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??