*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් අදියරේ. විදෙස් ආයෝජන සඳහාත් අවස්ථාව – වැඩබලන මුදල් ඇමති

කොළඹ LNW :ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් අදියරට පැමිණ ඇති හෙයින් එම කටයුතු අවසන් වූ පසු විදේශ ආයෝජකයින්ට ආයෝජන අවස්ථා සඳහා අවස්ථාව ලබාදෙන බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.

සිදුකෙරෙමින් පවතින ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් ඇතිවන තිරසාර ආර්ථික වර්ධනය ආයෝජකයින්ට වඩාත් සුදුසු වටපිටාවක් නිර්මාණය කරනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මෙරට කලක් තිස්සේ පවතී ආර්ථික දුර්වලතාවන්ට පිළිතුරු සොයමින් ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකෙරෙමින් පවතින අතර එය රට කෙරහි දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය ඇතිකරන්නක් විය හැකි බවයි සේමසිංහ මහතා පවසන්නේ.

රජයේ ආදායම තත්ත්වය වර්ධනය කරගැනීම සඳහා ගෙන ගිය බදු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල තුළින් වසරේ මුල් මාස හය තුළ පසුගිය වසරට සාපේක්ෂව 50%ක වර්ධනයක් පෙන්නුම් කරන බවද හෙතෙම කියා සිටියි.

බදු ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කිරීමේ අරමුණින් ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය ලබන සතිය සන විට යාවත්කාලීන කරමින් ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඉන්දියාව,චීනය සහ තායිලන්තය සමඟ යළිත් ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් ගැන සාකච්ජා කෙරෙමින් පවතින බවද ඔහු කියාසිටියි.

එම සාකච්ජාවල සාර්ථකත්වය මත කලාපීය විස්තීරණ ආර්ථික සහයෝගිතාවකට අවතීර්ණ වීමේ හැකියාවද ලැබෙනු ඇති බව සේමසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ඊයේ (27) මෙරට ඇමරිකානු වාණිජ මණ්ඩලයේ 31 වැනි වාර්ෂික මහ සභා රැස්වීමේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan