*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

පෑරෙන යුද මතකවලින් සූරන සාහිත්‍යය මැදින් සෙමින් කවි සුවඳ වෙත පියඹන්න

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 29, (LNW) කොළඹ :

මෙවරත් සාහිත්‍ය මාසය වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රය අවට කොළ වලින් වෑහෙන තීන්ත සුවඳ සිඹින මිනිසුන් හිඟ නැත.ඒත් සාහිත්‍යෙය් තැවරුණ ඒ ආදරය වෙනුවට පොත් ප්‍රදර්ශණයේ පිවිසුමම වෙඩි බෙහෙත් ගඳ ගහන යුද සංස්කෘතියකින් අහිමි වූ මිනිස් ජිවිත සම්බන්ධයෙන් නැඟෙන ප්‍රහර්ෂයකින් පුරවන්නට ඉඩ වෙන් කිරීම ඛේදවාචකයක්ය.අඩුම තරමේ රජයක් විසින් යුද්ධය මෙසේ උත්කර්ශයට නැංවීම සහ ප්‍රදර්ශනය කිරීම නැවතීමට තීරණයක් ගත යුතු බවට උතුරෙන් ලැබුණු පණිවිඩය හරහාවත් තේරුම් නොගැනීම කණගාටුවට කරුණක් වන්නේ,එයින් ජාතික සංහිඳියාව ගැන හැඟීම සම්බන්ධයෙන් තබා ගත යුතු විශ්වාසයද පළුඳු වන බැවිනි.
මේ ඇති කරන හිරිකිත මානසික වෙව්ලුමෙන් සාහිත්‍යමය අස්වැන්න දකින්නට නෙලන්නට යන මිනිසුන් කවි බසින් මත් කරන කවීන් බොහෝ දෙනෙක්ගේ අලුත් පොත් මේ වන විට කවි මත සොයන රස විත සනසන්නට සූදානම්ව සිටින්නේය.


ඒ අතර විදර්ශන සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම කාව්‍ය සංග්‍රහය බවට පත් වූ උපුල් සේනාධීරගේ “ඉඳුදුන්න නැමුණු අත” යන ග්‍රන්ථයද වන්නේය.තවත් සම්භාවනාවට පත් කිවිඳියක වන කල්පනා ඇම්බ්‍රෝස් ද සිය අලුත් කවි අස්වැන්න මෙවර පොත් ප්‍රදර්ශණයට ඉදිරිපත් කර ඇත.එය නමින් “එලීසියම“ය.ප්‍රියන්කාරගේ බන්දුල ජයවීර ගේ කාව්‍ය සංග්‍රහය “සිනහ වග්ග“ ය.
වජිර විරකෝන් කවියා ද සිය කවි එකතුවක් නව කෘතියක් ලෙස “අපූරු ඔන්සිල්ලාවක්“ ලෙස ඉදිරිපත් කර ඇත.එසේම කේෂ්ත්‍ර ගණනාවක සිය අකුරු එක්ක නියැලෙන තනූජා ලුම්බිණි කඹවිට ගේ අලුත් කාව්‍ය සංග්‍රහය ඉදිරිපත් කරන්නේ “ඇත්තටම අපි රෑට කන්නෙ මොනවද?“ යන නමින්ය.
මංජුල වෙඩිවර්ධන මේ වසරේදී සිය සාහිත්‍ය භාවිතාව ඇසුරෙන් සාහිත්‍යලෝලීන්ට තිළිණ කරන්නට බලාපොරොත්තු වන්නේ කාව්‍ය කෘතීන් දෙකක්ය.එකක් දැනටමත් එළි දක්වා ඇත.ඒ අප්‍රේල් “හටන් කවි“ ය.මේ පොත් ප්‍රදර්ශණය නිමා විමට මත්තෙන් තවත් කාව්‍ය සංග්‍රහයක් වෙඩිවර්ධනගේ අතින් එකතු වෙන්නට නියමිතව ද ඇත.එසේම “පත් හැලෙන සමය වුව” කෙටි කවි සංග්‍රහය පෘතවි අයෙශ්මන්ත බාලසූරියගේ ය.
මේ අපට මේ මොහොත වන විට සැළ වුණු,ලැබුණු කවි කෘතීන් කිහිපයක් පමණි.ඇතැම් කවීන් ගේ කෘතීන්වල පිට කවර සොයා ගැනීම ද දුශ්කර විය.ඒ නිසා ඉතා හොඳ කවි සහිත තවත් අපට මග හැරුණු කවි පොත් ග්‍රන්ථ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ ඇති පොත් ප්‍රදර්ශනයේදී ඔබට ලැබෙනු ඇත.මදක් විමසිලිමත්ව ඔබ හොයන පොත් ගැන අවබෝධයක් මෙන්ම ඒවා මිලදී ගන්නට හැකි තැන් ගැන ද අවබෝධයක් ඇතුව ගියේනම් ඔබේ කාලය ඉතුරු කර ගන්න වගේම,මේ දිනවල හදිසියේ කඩා වැටෙන වැසි වලින් වන හානිය ද අවම කරගෙන ඔබේ නිරෝගිකමත් රැක ගන්නට ඉඩ පහසුව ලැබෙනවා ඇත.


යුද්ධය කියන්නේ ආදරය විනාශ කරන ජීවිතය මත පිළුණු හැඟුම් ඉතුරු කරන එකතු කරන දැවුණු රිදවීමක් පමණි.ඒවා ආදරය වපුරන,ජීවිතයේ ප්‍රේමය දනවන,යථාර්ථයේ සිහින දල්වන ලිවීම් රොඳ බඳින තැනක සොඳුරු මතක ලෙස පිළිගන්න නොහැකිය.එය සාහිත්‍යකරුවාට පමණක් නොව සාහිත්‍ය රසිකයාට ද අපහසුවක්,හිරිකිතක් දනවන සුළු ය.ඒ වෙඩි බෙහෙත් ඟදෙන් මිදී ඔබට ඇතුළට පැමිණ දෙස් විදෙස් සාහිත්‍ය සුවඳ විඳින්නට ඇති තැන් රස විඳින්නට හැකිය.මැතිවරණයේ දී දේශපාලන පාඬමක්. ජයග්‍රහණයෙන් උද්දාමයට පත් නොවී ඉගෙන ගත්තානම් රාජ්‍ය හමුදාවන්ට ජනතාවට අමිහිරි යුද මතකවල,ජීවිත අහිමි කළ වෙඩි උණ්ඩවල සැර සිහිපත් නොකර ලාංකේයත්වය එකතු කරන්නට ඒ මතක ඇති කරන පීඩාවන් දේශපාලන තීන්දුවක් ගෙන ඉවත් කරන්නට හැකිය.එහෙත් තවමත් නිවැරදි නොවී මහින්දගේ වංචාකාරී යුද පිපාසය සහ තණ්හාවෙන් නැඟෙන ජාතිවාදය සමඟ සමවැදී ඇත්නම් කණගාටුය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan